මලාවි ජනපතිවරණයෙන් හිටපු විපක්ෂ නායක ලාසරස්ට විශිෂ්ට ජයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-29

මලාවි ජනපතිවරණයෙන් හිටපු විපක්ෂ නායක ලාසරස්ට විශිෂ්ට ජයක්

මලාවි රාජ්‍යයේ පැවැති ජනාධිපතිවරණයෙන් හිටපු විපක්ෂ නායක ලාසරස් චක්වේරා විශිෂ්ට ජයක් හිමිකර ගත්තේය.

එතෙක් ජනාධිපති ධූරය හෙබ වූ පීටර් මුතරිකා පරාජය කරමින් චක්වේරා සියයට 58.57ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබේ. 2019 මැයි මාසයේ දී පැවැති මැතිවරණයෙන් ද මුතරිකා ජයගත් නමුත් එරට අධිකරණය ඒ මැතිවරණය දූෂිත එකක් ලෙස නම් කළේය.

මේ සතියේ පැවැති මැතිවරණය නිසා රට පාර්ශ්ව දෙකකට බෙදී කටයුතු කළ බව වාර්තා සඳහන් කරයි. සෙනසුරාදා (27දා) ලබාගත් ජයග්‍රහණය රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බවත්, තමන් සතුටෙන් පිරී ගොස් සිටින බවත් චක්වේරා වැඩිදුරටත් කීවේය.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages