මධ්‍යම පළාත් රග්බි මුල් පුටුව ප්‍රදීප්ට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-29

මධ්‍යම පළාත් රග්බි මුල් පුටුව ප්‍රදීප්ට

මධ්‍යම පළාත් රග්බි සංගමයේ නව සභාපතිවරයා ලෙස ප්‍රදීප් බස්නායක මහතා තේරී පත් විය. මහනුවර ක්‍රීඩා සමාජයේ සහ ශ්‍රී ලංකා රග්බි පිලේ හිටපු නායකයකු වන බස්නායක මහතා ත්‍රිත්ව විදුහලෙන් බිහි වූ විශිෂ්ට ක්‍රීඩකයෙකි. දෙවැනි පෙළ (Second row) ක්‍රීඩකයකු ලෙස දස්කම් පෑ ඒ මහතා කලක් ජාතික රග්බි තේරීම් කමිටු සාමාජිකයකු ලෙසත් කටයුතු කළේය. රග්බි මෙන්ම බාස්කට්බෝල් ක්‍රීඩාවෙන් ද ජාත්‍යන්තරය නියෝජනය කළ බස්නායක මහතා පසුගියදා පැවැති එම සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේ නිලවරණයේදී එම තනතුරට පත් විය. ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ලසිත ගුණරත්න මහතා ද මේ අවස්ථාවට එක්වී සිටීම විශේෂත්වයකි.

මේ අතර ජාතික කණ්ඩායම, මහනුවර ක්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩක කාවින්ද ජයසේන මහතා එම සංගමයේ ලේකම් ධුරයට යළි පත් විය. එම සංගමයේ උප සභාපති ලෙස මංජුල සමරකෝන් මහතා පත් වූ අතර, මොහොමඩ් රිෆාස් මහතා භාණ්ඩාගාරික ධුරයට පත් විය.

මධ්‍යම පළාත් රග්බි ක්‍රීඩාව ග්‍රාමීය මට්ටමෙන් දියුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් ජාතික තලයේ ක්‍රීඩකයන් හඳුන්වා දීම තම අරමුණ බව ‘දිනමිණ’ කළ විමසුමකට පිළිතුරු දෙමින් බස්නායක මහතා සඳහන් කළේය.

‘මධ්‍යම පළාතට තව රග්බි ක්‍රීඩාංගණයක අවශ්‍යතාව තිබෙනවා. දැනට නිත්තවෙල ක්‍රීඩාංගණය තමයි අපට මධ්‍යම පළාතට ඇති හොඳම ක්‍රීඩාංගණය වන්නේ. පාසල් තරග බිමට පල්ලෙකැලේ ත්‍රිත්ව විදුහල් ක්‍රීඩාංගණය භාවිත කළත්, අංග සම්පූර්ණ රග්බි ක්‍රීඩාංගණයක් මධ්‍යම පළාතට අවශ්‍යයි. ඒ වගේම දැනට මධ්‍යම පළාතට ඇත්තේ පළමු පෙළ එක් රග්බි ක්‍රීඩා සමාජයක් පමණයි. ඉදිරියේදී මේ පළාතෙන් පළමු පෙළ රග්බි ක්‍රීඩා සමාජයක් ගොඩනැගීමත් මගේ බලාපොරොත්තුවක්.” ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages