දෙපිල බෙදුණු කොදෙව් පුහුණු තරගයේ ජය-පැරදුමක් නෑ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-27

දෙපිල බෙදුණු කොදෙව් පුහුණු තරගයේ ජය-පැරදුමක් නෑ

මාස ගණනාවක් තිස්සේ නැවැතී ඇති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව යළි ආරම්භ කරමින් එංගලන්තයේ තරග සංචාරයක නිරත වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ තුන්දින පුහුණු තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

මේ සංචාරයට එක්ව සිටින ක්‍රීඩකයන් 29 දෙනකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කොටස් දෙකකට බෙදී මැන්චෙස්ටර්හිදී මේ තරගය පැවැත්වූ අතර, එහිදී ක්‍රේග් බ්‍රැත්වේට් සහ ජේසන් හෝල්ඩර් කණ්ඩායම් මෙහෙය වූහ.

එංගලන්තයට එරෙහි නම් කළ සංචිතයට ක්‍රීඩකයන් 14 දෙනකු ඇතුළත් වූ අතර, අතිරේක ක්‍රීඩකයන් 11 දෙනකු ද මේ සංචාරයට එක්ව සිටිති.

මේ ක්‍රීඩකයන් අතර, පැවැති පුහුණු තරගයේ පළමුව පන්දුවට පහරදුන් බ්‍රැත්වේට්ගේ කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 275ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස හෝල්ඩර්ගේ කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 193ක් පමණි. කඩුලු 4ක් දැවී ලකුණු 231ක් ලබා සිටියදී බ්‍රැත්වේට්ගේ කණ්ඩායම දෙවැනි ඉනිම අත්හිටවූයේ ලකුණු 314ක ඉලක්කයක් ලබා දෙමිනි. එම ඉලක්කය හඹාගිය හෝල්ඩර්ගේ පිල තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී රැස් කර තිබූ ලකුණු සංඛ්‍යාව 149කි.

කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන මස 8 වැනිදා සවුත්හැම්ප්ටන්හිදී ආරම්භ වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages