හතර වටේ GOසිIP - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-20

හතර වටේ GOසිIP

20 ජුනි, 2020

යුවරජුට කුරුණෑගලින් ඇමතුම් පිට ඇමතුම්

මහ මැතිවරණයට දින කිට්ටු වෙන්න වෙන්න දේශපාලන කරලියේ රස කතා බොහොමයක් මතු වෙනවා. මනාප සෙල්ලම නිසා රස කතා වැඩිපුර ඇති වන බවයි කියන්නේ. කොරෝනා වසංගතය නිසා මෙවර මැතිවරණයේදී අපේක්ෂකයන්ගේ අතපය බැඳලා දාලා තිබෙන බවයි ජනතාවගේ නම් මතය. මේක අස්සෙන් මනාපවලට නොයෙක් ගේම් ගහන්න බොහෝ අපේක්ෂකයන් කටයුතු කරනවලු.

රටේ දෙවැනි පුරවැසියා එසේත් නැත්නම් යුවරජ වයඹ පළාතෙන් තමයි මෙවර මහ මැතිවරණයට තරග වදින්නේ. ඒ වයඹ පළාතේ ලොකුම දිස්ත්‍රික්කයෙන්. යුව රජුට ර‍ටේම ජනතාව ගොඩක්ම ගොඩක් ආදරෙයි කියලා පොඩි ළමයත් දන්නවා නේ. මෙන්න මේ නිසා වයඹ පළාතේ දියවන්නා අපේක්ෂකයෝ හරි හරියට යුවරජ පස්සේ වැටිලාලු. විශේෂයෙන් ම නිල් පාටියේ ප්‍රසිද්ධම දෙන්නෙක් යුවරජ ළඟින්ම ඉන්නවලු. එයින් එක්කෙනෙක් නිතර පිල් මාරු කරන අයෙක්ලු. කුරුණෑගලට යුව රජ ගෙන්වගන්න මේ අය නිතර නිතර උත්සාහ කරනවා කියලයි කියන්නේ.

පුතණෝගේ ප්‍රකාශ නිසා මැතිවරණ සටන අවුල් වෙලා

ඉකුත් ජනාධිපතිවරණයේදී පුතාණෝ මුහුණු පොතේ සාමාජිකයන්ට නොයෙක් විහිලු සැපයුවා සේම මහ මැතිවරණයේදී ද විහිලු සාගරයක් වී ඇති බව මුහුණු පොත බලන ඕනෑම අයකුට හැඟී යයි. ගෝඨාභය ජනාධිපතිවරයාගේ මීළඟ අගමැතිතුමන් බව ප්‍රකාශ කරන පුතාණෝට බුකියේ සහෝදර සහෝදරියන් හොඳින් සලකා තිබුණි.

“තමන් මහ මැතිවරණයේදී ජනහමු දහසක් පවත්වන බවත් ලෝකයේ කිසිම අයකුට මෙම අභියෝගය ජයගත නොහැකි බවත් පුතානෝ ඉකුත්දා මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරනු ලැබීය.

මේ ප්‍රකාශයත් සමඟ පුතාණෝගේ ඡන්ද සටන මෙහෙයවන කණ්ඩායම පුතාණෝ දැඩි විවේචනයට ලක්කර ඇතැයි කියති.

ඉකුත් දින කිහිපයේ පුතාණෝ එම පාටියේ නායකයා හැටියට කළ ප්‍රකාශවලින් තමන්ගේ පාටියේ ඡන්දය වැඩි වනවා වෙනුවට අඩු වන බවත් පුතාණෝගේ කට පරිස්සම් කරගන්නා ලෙසත් ඡන්ද සටන මෙහෙයවන කිහිපදෙනෙකුම පුතාණෝට දැඩිව ප්‍රකාශ කරාලු.

බලෙන්ම රැස්වීම් වලට රිංගන පුලතිසිපුර ලොක්කා

පුලතිසිපුර හිටපු ලොක්කාට මේ දවස්වල හරියට ප්‍රශ්නලු. මේ නිසා දුරකතනයට උත්තර දෙන්නත් පස්ස ගහනවා කියලා තමයි ආරංචිය‍. මහ මැතිවරණය වෙනුවෙන් පවත්වනු ලබන ජන රැලි, සුහද හමු මෙන් ම දේශපාලන සාකච්ඡාවලට පුලතිසිපුර ලොක්කාට ඇරයුම් නොලැබෙන බවයි කියවෙන්නේ. එහෙත් කනින් කොනින් එවැනි සාකච්ඡා ගැන දැනුණු ගමන් හිටපු ලොක්කා අහසින් වැටුණා වගේ එතැනට යනවා කියලයි පොලොන්නරුව පැත්තෙන් ආරංචි.

පුලතිසිපුර ලොක්කා ර‍ටේම ලොක්කා වෙලා ඉන්න අවස්ථාවේ රටේ ආරක්ෂාව ගැන කිසිම දෙයක් සිදු කර නැති බවත් පාස්කු ප්‍රශ්නයට ඔහු සම්ප‍ූර්ණ වග කියන්න ඕන කියලා ලොක්කා ළඟින්ම හිටපු නිල් පාටියේ කිහිප දෙනෙක්ම කියන්න පටන් අරන් කියලයි ආරංචිය.

දියවන්නාවට පුලතිසිපුරවරයෙන් රිංගන්න බලන් ඉන්න පොහොට්ටු පාටියේ වෙන්නට හිටපු ලොක්කාගේ හිතවත් කිහිප දෙනකුම මහ පොරයක්ලු. පුලතිසිපුර හිටපු ලොක්කාට දියවන්නාවට යන්න දෙන්නේ නැහැ කියලා මෙයින් කිහිප දෙනකුම සද්ද කරනවාලු.

පැනිල්ලටම හපන් ගාල්ලේ මන්ත්‍රීට පාක්ෂිකයන්ගෙන් හූ වරුසාවක්

කොළ පාටියෙන් නිල් පාටියට, නිල් පාටියෙන් කොළ පාටියට, කොළ පාටියෙන් ආපසු නිල් පාටියට නිල් පාටියෙන් කොළ පාටියට පැන පැන සිටි ගාල්ලේ හිටපු දියවන්නා සාමාජිකයකු මේ දිනවල ගෙවල්වලින් පලවා හරිනවා කියලයි ආරංචිය. කොළ පාටියෙන් පුතාණෝගේ පාටියට පැන්න මොහු මෙවර මහ මැතිවරණයෙන් දියවන්නාවට පනින්න නොයෙක් ගේම් ගහනවා කියලයි කියන්නේ.

ගාල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී වර්තමාන රජයට මෙන් ම ජනාධිපතිවරයාට කොරෝනා වසංගතය සම්බන්ධව කළ විවේචනයකදී ජනහමුවේ සිටි මහ පිරිසක් මොහුට හූ සංග්‍රහයක් ලබාදුන්නලු. තවත් අවස්ථා කිහිපයකදීම කොළ පාටියේ සාමාජිකයින් මොහුට දැඩි විරෝධතාවයක් දැක්වූ බව ගාල්ල පැත්තෙන් ආරංචියි.

බදුල්ලට ආ සුරූපිනිය පසුපස හැන්ඩියෝ දෙදෙනෙක්

උඩරටින් දියවන්නාවට එන්න ලෑස්ති වෙච්චි සුරූපිනිය නිසා බදුල්ල බණ්ඩාරවෙල පැත්තේ මේ දිනවල අමුතු අමුතු සිද්ධි වාර්තා වෙනවලු. විශේෂයෙන්ම දේශපාලන කරලියේ මීට පෙර නොඇසූ කතා දැන් දැන් අසන්නට ලැබෙනවා. රඟපෑමට දක්ෂ මේ සුරූපිනිය වෙනදාට වඩා හොඳට රඟපාන නිසා වෙනත් පාටිවල වගේ ම සුරූපිනියගේ පාටියේ අයත් බය වෙලා ඉන්නව කියලයි ආරංචිය.

කොළ පාටියේ අය මෙන් ම කොළ පාටියෙන් ඉවත් වෙලා පුතාණෝගේ පාටියට එකතු වෙලා හොඳටම රඟන බදුල්ලේ වීරයා යැයි කියා ගන්නා දේශපාලන ලොක්කන් සුරූපිනිය නිසා තිගැස්සිලාලු ඉන්නේ‍.

කොළ පාටියේ, නිල් පාටියේ මෙන් ම පොහොට්ටු පාටියේ අය නොයෙක් ගේම් ගහනවලාලු සුරූපිනිය අබිබවා යන්න.

මේ අතර බදුල්ලේ වීරයා යැයි කියා ගන්නා දේශපාලනඥයා ද මේ වෙනුවෙන් ගේම් තුන හතරක් ම ක්‍රියාත්මක කර තිබෙනවා කියලයි ආරංචිය. සුරූපිනියට හිතවත්කම් පා ඇය සමඟ හාද වීම සඳහා දැනටමත් කඩවසම් තරුණයින් දෙදෙනෙකු ඇය හඹා යාමට යොදවා ඇති බවයි පැවසෙන්නේ.

කොළ පාටිය හැර ගිය රොත්තක් නැවත හිටිය තැනටම

කොළ පාටියෙන් පැනලා ගිය බොහෝ දෙනකු දැන් දැන් ගොඩක් දුක් වෙනවාලු.

ඉදිරියේදී තමන් කොළ පාටියේ නායකයාගෙන් සමාව අරන් නැවත කොළ පාටියටම සම්බන්ධ වෙනවා කියලා ඔවුන් ප්‍රසිද්ධියේම කියන්න ලක ලෑස්තියි කියලයි ආරංචිය.

පුතාණෝගේ පාටියට ගිය මේ පිරිස අතර කොළඹ දිස්ත්‍රික්කයේ දෙදෙනකු ගාල්ල දිස්ත්‍රික්කයේ එක් අයකු රත්නපුර දිස්ත්‍රික්කයේ එක් අයෙකු ගම්පහ දිස්ත්‍රික්කයේ දෙදෙනකු ඇතුළු තවත් පිරිසක් මෙලෙස පුතාණෝගේ පාටියෙන් ඉවත් වෙන්න බලාගෙන ඉන්නවා කියලයි කියන්නේ.

මේ අයගෙන් බොහෝ දෙනකුම මෙවර මහ මැතිවරණයෙන් දියවන්නාවට පනින්න බලාගෙන ඉන්න අයලු.

දැනටමත් මන්ත්‍රී සටනින් ඉවත්ව සිටින මාතර මහ මොළ කරුයි, අම්බලන්ගොඩ හාදයයි, පුතාණෝ දිගටම විවේචනය කරනවා කියලයි ආරංචිය.

පුතාණෝ මෙහෙම එන අය අලි පාටියේ මහ තැනගෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමේ පොරයකට ලෑස්ති වෙන බවත් එහෙන් මෙහෙන් ඇසෙන්නට ලැබෙනවා.



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages