HCl තාක්ෂණික සමාගම ලංකාවේ මෙහෙයුම් අරඹයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-17

HCl තාක්ෂණික සමාගම ලංකාවේ මෙහෙයුම් අරඹයි

මෙරට තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකායට නව මංපෙත් විවර කරමින් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කරයි
ශ්‍රී ලංකාවේ රැකියා අවස්ථා 1500කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කිරීමට මෙමගින් අපේක්ෂා කරයි
2020 ජූනි 16 වැනිදා ශ්‍රී ලංකාවේ කොළඹදී සහ ඉන්දියාවේ නොයිඩා හිදී
මෙරට නව රැකියා අවස්ථාවන් 1500කට අධික ප්‍රමාණයක් නිර්මාණය කිරීමට HCL විසින් සැලසුම් යොදා තිබේ.
ගෝලීය කාර්යයන් සපුරාලීම සඳහා මෙරට මානව සම්පතෙන් සැදුම්ලත් කුසලතා සංචිතය භාවිතා කිරීම ශ්‍රී ලංකාව තුළ මෙම සමාගමේ ව්‍යාපාර සහසංවර්ධන ක්‍රමෝපායේ ප්‍රධාන අංගයක් වනු ඇත. 
zලොව ප්‍රමුඛතම තාක්ෂණ සමාගමක් වන HCL Technologies  ශ්‍රී ලංකාවේ මූලාරම්භයන්හි නියැලීමට සූදානම් බව දැනුම් දීමට ලැබීම ඉතා සතුටට කරුණක් බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ  ඒ මහතා සිය ගෝලීය ඛෙදාහැරීමේ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ඉදි කිරීම  HCLසමාගමේ දැක්ම සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ගත් සුවිශේෂී පියවරකි. මෙරට ජනතාවට රැකියා අවස්ථාවන් උත්පාදනය කිරීමට  HCLසමාගමට හැකි වනු ඇතැයි මා බලාපොරොත්තු වන අතරම ශ්‍රී ලංකාවේ ජනතාවට මෙරට කාර්ය පරිසරයක් තුළ ගෝලීය කාර්යයන් සඳහා ප්‍රවේශය හිමිවනු ඇත. 
අපි මේ පිළිබඳ ඉතා සතුටට පත්වන අතර තවත් සමාගම් ගණනාවක් සඳහා තොරතුරු තාක්ෂණ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව නැඟී එනු ඇතැයි මා බලාපොරොත්තු වනවා යනුවෙන් සඳහන් කළේය.
HCL Technologies  හි සමූහ උපසභාපති ශ්‍රීමතී ශිවශංකර් මහත්මිය අදහස් දක්වමින් මෙම කලාපයේ අපගේ මෙහෙයුම් දැනටමත් ආරම්භ වී තිබීමෙන් අපි ඉතා සතුටට පත්වනවා වගේම ශ්‍රී ලංකාවේ ඉහළ නිපුනත්වයෙන් යුත් දක්ෂ පුද්ගලයින් සමඟ සම්බන්ධ වී, ඔවුන් සේවය පිණිස රටින් පිටව යනු වෙනුවට, ප්‍රමුඛ පෙළේ ගෝලීය තාක්ෂණ සමාගමක් සමඟ සම්බන්ධව සේවය කිරීමේ අවස්ථාව ඔවුන්ගේ දොරකඩට රැගෙන යමින් ඔවුන් හා සම්බන්ධවීමට බලාපොරොත්තු වනවා.
ශ්‍රී ලංකාවේ පිහිටි අපගේ ඛෙදාහැරීමේ මධ්‍යස්ථානය Fortune 500 ක් හා Global 2000 කට  අයත් සේවාදායකින්ට හා ලොව පුරා හවුල්කරුවන්ට සේවය සැපයීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත යනුවෙන් පැවැසුවාය.
 
HCL හි මෙරට ආයතනය වනHCL Technologies Lanka  පුද්ගලික සමාගම දියත්  කිරීම සඳහා 2020 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා ආයෝජනය මණ්ඩලය සමඟ අත්වැල් බැඳගත් අතර  මෙම කළාපය තුළ HCL  සමාගමේ පළමු ඛෙදාහැරීමේ මධ්‍යස්ථානයද එයයි. HCL මෙම ආයතනය හරහා මෘදුකාංග යෙදුම් හා පද්ධති ඒකාබද්ධ කිරීමේ සේවා හා යටිතල පහසුකම් සේවා යන ක්ෂේත්‍ර ඔස්සේ ගෝලීය සේවාදායකයින්ට සේවාවන් සපයනු ඇත. 
 
HCL ආයතනය වර්ධනය ඉහළ නැංවීම සඳහා දේශිය කුසලතා සංචිතය සංවර්ධනය හා පුහුණු කිරීම සඳහා දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ ඉංජිනේරු ආයතන සමඟ සක්‍රීයව සහයෝගයෙන් කටයුතු කරමින් එහි කාර්ය ඒකාබද්ධ අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇත.
උසස් පෙළA/L සිසුන්, උසස් ජාතික ඩිප්ලෝමා(HND)  සිසුන් HCL ESOFT  පුහුණු කිරීමේ හා බඳවාගැනීමේ වැඩසටහන හරහා නවකයින් ලෙස අනුයුක්ත කිරීම කෙරෙහි HCL අවධානය යොමු කිරීමට නියමිතය.
දේශිය ශ්‍රම බලකායට ඔවුන්ගේ උපන් භූමිය තුළ රැඳී සිටිමින් කාර්යයේ නියැලීමට උපකාරය ලබාදෙන අතරතුර විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට නැවතත් මව් රටට පැමිණ මෙම පරිවර්තනීය ගමනේ කොටසක් වීමට ආරාධනා කරනු ඇත.
එමෙන්ම සමාගම ආයතනික පිරමීඩය වෙනසකට ලක්කිරීමේ හා ඉදිරිපෙළ සම්බන්ධ කිරීම, සක්‍රීය ideapreneurship කිරීම හා සවිබල ගැන්වීමේ මූලික විශ්වාසය මත පදනම් වූ සිය HCL Technologies  සංස්කෘතියද හඳුන්වාදෙනු ඇත. 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages