නිදහස් චතුරශ්‍රයේ දී වෙඩි තබාගත් රජීවගේ නිවසේත් වෙඩි ප්‍රහාරයක් - SMS එකක් සියල්ල හෙලි කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-21

නිදහස් චතුරශ්‍රයේ දී වෙඩි තබාගත් රජීවගේ නිවසේත් වෙඩි ප්‍රහාරයක් - SMS එකක් සියල්ල හෙලි කරයි

අතුගානකොට ස්ප්‍රිං එකක් වගේ වැටිලා තිබුණොත් ඒක දෙන්න
“මීට සති තුන හතරකට කලින් දවසක අපට ලොකු සද්දයක් ඇහුණා

පසුගිය ජුනි 12 වැනි සිකුරාදා නිදහස් චතුරශ්‍රයේ තිබී හමුවූ රජිව ප්‍රකාශ් ජයවීරගේ මළ සිරුර සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වනවා.

රජිවගේ සහෝදරයා වූ සංජිව රේණුක ජයවීරට ඔහු යවා තිබූ එස්.එම්.එස්. පණිවුඩය ඉතා වැදගත් සාක්ෂියක් වී තිබෙනවා.

එම එස්.එම්.එස්. පණිවුඩය යවා තිබුණේ ජුනි 10 වැනිදා රාත්‍රි 8.45ටයි.

එයින් ඔහු දක්වා තිබුණේ මෙවැන්නකි. “මගේ බ්රීෆ් කේස් ගන්න. එහි විවෘත කිරීමේ අංකය 151. මෙහි ඔබට ලියූ ලිපියක් ඇති මෙහි මා ගත් තීරණය සම්බන්ධව පැහැදිලි කර ඇත. එහි මොනවද කරන්න ඕන කියලා සඳහන් වෙයි. හැම කරදරය වෙනුවෙන්ම සමාවෙන්න” ඉංග්‍රීසි භාෂාවෙන් යවා තිබූ මේ පණිවුඩය අවසානයේදී ‘අයියා’ යනුවෙන් සඳහන් කොට තිබුණා.

රජිව්ගේ මරණින් පසුව පොලිසිය හමුවට එන සංජිව ජයවීර ඊළඟට තමන් සතුව ඇති පිටු තුනක් සහිත ලිපිය පොලිසියට භාර දුන් අතර පිටු තුනේ ලිපිය තුළ තිබුණේ වැදගත් කරුණු රැසකි.

එහි ප්‍රධාන වශයෙන්ම සඳහන් කර තිබුණේ ඇස් පෙනීමේ දුර්වලතාව හා කොඳු ඇට පෙළේ හටගෙන ඇති දරුණු රෝගීි භාවයයි.

කෙතරම් ප්‍රතිකාර ලබාගත්තත් සුවයක් නොලැබෙන මේ රෝගීභාවය නිසා ඔහුට ජීවිතය එපා වී ඇතැයි එහි සඳහන්ව තිබුණා.මීට අමතරව ඔහු තම පෞද්ගලික ජීවිතයේ ගැටලු කිහිපයක් සම්බන්ධවද කරුණු දක්වා තිබුණා.

මේ කරුණු ඔස්සේ තවදුරටත් පොලිස් පරීක්ෂණ සිදුවෙද්දී රජිව ප්‍රකාශ් ජයවීර මීට කලින් වතාවකදීද සිය දිවි නසා ගැනීමට තැත් කර ඇතැයි සාක්ෂි දිගහැරිණි. ඒ බව හෙළිවූයේ රජිවගේ නිවෙසේ රාජකාරි කරන සේවක සේවිකාවන්ගේ ප්‍රකාශ වලිනුයි.

“මීට සති තුන හතරකට කලින් දවසක අපට ලොකු සද්දයක් ඇහුණා. ඒ මහත්තයා ඉන්න උඩ තට්ටුවෙන්. මහත්තයා නිදාගන්න උඩ තට්ටුවට ගියාම අපිට උඩට යන්න බැහැ. ලොක් කර ගන්නවා. ඉතිං එදා රෑ මේ සද්දය ඇහුණත් අපිට උඩට යන්න පුළුවන් වුණේ නැහැ.

පසුවැනිදා උදේ මහත්තයා අපිට කිව්වා උඩ අතුගානකොට ස්ප්‍රිං එකක් වගේ වැටිලා තිබුණොත් ඒක මහත්තයට දෙන්න. විසි කරන්න එපා කියලා.”

මේ ප්‍රකාශ ඔස්සේ පොලිසිය රජිව ගැවසෙන උඩුමහල හා ඒ අවට පරික්ෂා කළේය. එහිදී බිත්තියක් මත තිබූ කුඩා සිදුරක් ගැන ඔවුන්ගේ අවධානය යොමුවුණා.

පොලිසිය සැක කරන්නේ රජීව පිස්තෝලයෙන් බිත්තියට වෙඩි තබා එය පරික්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවක ‘එක් උණ්ඩයක් පිස්තෝලයෙන් පිටවන්නට ඇත’ කියායි.

එසැණින්ම ඔහුට හුරු නැති පිස්තෝලයේ පිටුපස ඇති ස්ප්‍රිං එක ගැලවී ගිය නිමේෂයක රජීව – දිවි නසා ගැනීමේ තීරණය අත් හරින්නට ඇතැයි පොලිසිය අනුමාන කරනවා. එසේ නම් උණ්ඩ හයකින් සමන්විත පිස්තෝල මැගසින් එකේ එක් උණ්ඩයකට සිදුවූ දේ දැන් පැහැදිලිය.

රජිව ප්‍රකාශ් ජයවීර ළඟ තිබූ මයිකේ‍රා් වර්ගයට අයත් පිස්තෝලය මිලදී ගත්තේ කොහොමද? කාගෙන්ද? යන්න ගැනත් පොලිසිය සොයා බලමින් සිටියි. එමෙන්ම ඔහු විසින් ටයිප් කර තබන ලද ලිපියේ ‘අයියා’ යනුවෙන් සඳහන් අස්සන ඔහුගේම අත්අකුරු දැයි සොයා බැලීමටද භාරදී තිබෙනවා.

මියගිය රජිවගේ පියා ප්‍රකට රාජත්‍රාන්ත්‍රික නිලධාරියකු වූ ස්ටැන්ලි ජයවීර මහතායි.එමෙන්ම ඔහු නෙවිල් ජයවීර මහතාගේ ඥාති පුත්‍රයෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages