විදෙස්ගත ශ්‍රමිකයන්ගේ බැංකු ගිණුම්වලින් මුදල් වංචා කළ 05ක් අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-27

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ බැංකු ගිණුම්වලින් මුදල් වංචා කළ 05ක් අත්අඩංගුවට

අන්තර් ජාලය ඔස්සේ ව්‍යාජ ණය යෝජනා ක්‍රමයක් මගින් විදෙස්ගත ශ්‍රමිකයන්ට සහනදායී පොලී අනුපාතයක් යටතේ ණය ලබා දෙන බවට පවසා එම ශ්‍රමිකයින්ගේ මෙරට බැංකු ගිණුම් විස්තර ලබාගෙන මුදල් වංචා කළ සැකකරුවන් 05දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 
 
එහි එක් ගිණුමකින් ලක්‍ෂ 05ක මුදලක් වංචා සහගතව ලබාගෙන ඇති බවට කාන්තාවක් විසින් කිරුළපන පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් අනුව කිරුළපන පොලිස් නිලධාරීන් විසින් ඊයේ(26) පිටබැද්දර, නාරාහේන්පිට හා වැල්ලම්පිටිය ප්‍රදේශවලදී අදාළ සැකකරුවන් 05දෙනා අත්අඩංගුවට ගෙන තිබේ. 
 
සැකකරුවන් වයසු අවුරුදු 30, 39, 38, 46 වයස්වල පසුවන්නන්වේ. 
 
සැකකරුවන් කූඨ ලේඛණ හා ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කර ඇති බවට ද වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කරයි. එසේම සැකකරුවන් මෙම ඡාවාරම සදහා යොදාගත් කාර්රථයක් හා වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(27) අළුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
 
මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන  කිරුළපන පොලිසිය විසින් සිදු කරනු ලැබේ.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages