ලංගමට දෛනිකව මිලියන 10ක ආදායමක් අද අහිමි වෙලා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-20

ලංගමට දෛනිකව මිලියන 10ක ආදායමක් අද අහිමි වෙලා

Author(s): 
නිමල් රාජපක්ෂ

කොවිඩ්-19 හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා මගින් ගමන් කරන මගීන් ප්‍රමාණය අඩු වී තිබෙනවා. බස් කර්මාන්තය ආදායම් අහිමිවීම නිසා කඩා වැටීමට ආසන්නව තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 5300ක් පමණ දෛනිකව ධාවනය කළත්, එම මණ්ඩලයේ දෛනික ආදායම් රුපියල් මිලියන 10ක් මේ වනවිට අහිමිවී ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ පෙරේදා අගුණුකොළපැලැස්ස සිය නිවසේ පැවැති රැස්වීමක් අමතමිනි . හම්බන්තොට නිල් දියවර ධීවර ජනතාව හමුවෙමින් ඔවුන්ගේ ගැටලු සම්බන්ධව අදහස් පළ කරමින් ඇමැතිවරයා මේ බව කීය.

වැඩිදුරටත් අදහස් පළ කළ ඇමතිවරයා, කොරෝනා වසංගත තත්ත්වය මේ වනවිට සෑම අංශයකටම බලපෑම් එල්ල කර තිබෙනවා. මේ නිසා විදුලිබල මණ්ඩලය පාඩු ලබන ආයතනයක් වුවත් ඉතිහාසයේ දැවැන්තම විදුලි බිල්පත් සහනය මහජනතාවට ලබා දුන්නා. ලංකාවේ අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 17කට තවමත් අපි විදුලිය දෙන්නේ ඒ්කකයක් රුපියල් 02 ශත 60ක් වැනි සුළු මුදලකට.

ඒ් වගේම තවත් පවුල් දහස් ගානකට ඒ්කක 90ක් දක්වා ලබා දෙන්නේ සහන මුදලකට. පසුගිය වසර 05 ඇතුළත කිසිදු විදුලිබල ව්‍යාපෘති එකක් හෝ ක්‍රියාත්මක නොවීම නිසා වසරින් වසර විදුලි අර්බුදයකට අපි මුහුණ දෙනවා. මේ වසරේත් අපි විදුලි අර්බුදයක් ඒ්වි යැයි අපේක්ෂා කළත් විදුලි අර්බුදයකට මුහුණ දෙන්නට සිදු වුණේ නැහැ. හේතුව තමයි කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක විදුලි ඉල්ලුම පහත වැටීම. කොරෝනා වසංගතය නිසා විදුලි ඉල්ලුම සියයට 30කින් පහත වැටුණා. විදුලි බිල්පත් නිසි පරිදි ලබා දීමට නොහැකි වීම නිසා මේ වනවිට විදුලි බල මණලයට මහජනතාවගෙන් අයවීමට ඇති මුදල රුපියල් බිලියන 20ක් නැත්නම් කෝටි 2000 ඉක්මවනවා. කොරෝනා අද රටේ සමස්ත ආර්ථිකයම බලපෑම් කර තිබුණත් රජය මහජනතාවට බරක් දෙන්නට කටයුතු කර නෑහැ.

රජයට ලැබෙන ආදායම් මාර්ග සියල්ල ඇහිරී තිබුණත් මහජනතාවට සහන ලබා දෙන වැඩ පිළිවෙළ රජය අඛණ්ඩවම පවත්වාගෙන යනවා. විදුලිබිල්පතට දෑවන්ත සහනයක් අපි ලබා දි තිබෙනවා. එම සහනය මෙතෙක් විදුලි බල මණ්ඩලය විසින් ලබා දුන් දැවැන්තම සහනයයි. මේ නිසා විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ 30,000ක ආදායම් අහිමිවීමක් තිබෙනවා. නමුත් ඒ් බර රජය දරාගනිමින් තමයි මහජනතාවට සහන දෙන්නේ. මම පසුගිය සතියේ කළ සොයා බැලීම් අනුව ලංකා ගමනාගමන මණ්ඩලයටත් දිනකට රුපියල් මිලියන 10ක ආදායම් අහිමිවීමක් තිබෙනවා. අපි ලංගම බස් රථ රටපුරා 5300ක් පමණ ධාවනය කරනවා. දැන් මෙම වසංගත තත්ත්වය නිසා මහජනතාව පොදු ප්‍රවාහනය භාවිතා කරනවා අඩුයි.

අනෙක් කාරණය තමයි අපි මගීන් ප්‍රවාහණය කරන්නේ ආසන ගණනට පමණයි. ඒ් නිසා ලංගම බස් රථ ධාවනය කළාට වෙන දවස්වල ලැබු ආදායම මෙන් සියයට 50කටත් අඩුවෙන් තමයි ලැබෙන්ණේ. පෞද්ගලික බස් රථවලටත් එහෙම තමයි. පෞද්ගලික බස් රථ කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යෑමට බැරි තත්ත්වයට පත් වී තිබෙනවා. සමහර විට ධාවනය වන්නේ මගීන් රහිත බස් රථ. ඔවුන්ටත් දැන් ආදායමක් නැහැ.

ඒ් නිසා රජය වශයෙන් පුද්ගලික බස් රථ සඳහාත් සහන ගණනාවක් ලබා දිමට තීරණය කළා.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages