ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයෝ ලක්ෂ 146 ඉක්මවති - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-21

ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයෝ ලක්ෂ 146 ඉක්මවති

Author(s): 
මහින්ද අලුත්ගෙදර

ලොවපුරා වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 146 ඉක්මවා ගොස් තිබේ.

නවතම දත්තවලට අනුව වාර්තා වන මියගිය සංඛ්‍යාව 608,978ක් වන අතර මුළු ආසාදිතයන් සංඛ්‍යාව 14,646,707ක් වෙයි. ඒ අතරින් 8,737,835 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙන බව වාර්තා වෙයි.

වැඩිම ආසාදිතයන් පිරිස අමෙරිකාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 3,898,550ක් වෙයි. එරට මියගිය සංඛ්‍යාව 143,289ක් ලෙස වාර්තා වෙයි. මේ අතර බ්‍රසීලයේ ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවා යමින් 2,099,896 ක් ලෙස වාර්තා වන අතර ඉන්දියාවේ ආසාදිතයන් ගණන ද ලක්ෂ 10 ඉක්මවා ගොස් ඇත. රුසියාවෙන් ලක්ෂ 7 ඉක්ම වූ ආසාදිතයන් පිරිසක් වාර්තා වෙයි. තුර්කිය, දකුණු අප්‍රිකාව, සෞදි අරාබියාව, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඉතාලිය, බංග්ලාදේශය සහ පේරු ආසාදිතයන් දෙලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

මේ වනවිට කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් 150,000 ට ආසන්න පිරිසක් මියගොස් ඇති රට ලෙස වාර්තා වන්නේ අමෙරිකා එක්සත් ජනපදයයි. එරට සංඛ්‍යා ලේඛනවලට අනුව දැනට සුවය ලැබු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,802,338කි.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යා ලේඛන අනුව කොවිඩ් -19 වයිරසය හේතුවෙන් ස්පාඤ්ඤයේ 28420ක්, ඉතාලියේ 35045ක්, ප්‍රංශයේ 30152 ක්, බ්‍රිතාන්‍යයේ 45300ක්, බ්‍රසීලයේ 79533, රුසියාවෙ 12342, බෙල්ජියමේ 9800, ඉරානයේ 14188, නෙදර්ලන්තයේ 6137, මෙක්සිකෝවේ 39184, කැනඩාව 8852 සහ ජර්මනියේ 9163 ලෙස මරණ වාර්තා වී තිබේ. ඊට අමතරව අසල්වැසි ඉන්දියාවේ ආසාදිතයින් 1,118,107 ක් වාර්තා වන අතර මියගොස් තිබෙන සංඛ්‍යාව 27,503 කි. ඒ අනුව මේ වනවිට ලෝකයේ රටවල් සහ ස්වාධීන රාජ්‍ය 213කින් කොරෝනා ආසාදිතයන් වාර්තා වන අතර කොවිඩ් -19 වයිරසයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති අමෙරිකාවේ දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වාර්තා විය.

ගතවූ පැය 24 තුළ වැඩිම ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වයිරසයේ වැඩිම බලපෑමකට ලක්ව ඇති අමෙරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව 63,584 කි. ඊට අමතරව අසල්වැසි ඉන්දියාවෙන් ද ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 40,243ක් වාර්තාවීමත් සමඟ එරට මුළු ආසාදිත සංඛ්‍යාව 1,118,107ක් ලෙස ඉහළ ගොස් තිබේ. නව මරණ 67ක් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 27,503ක් ලෙසයි. මේ අතර හොංකොංහි කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය දරුණු තත්ත්වයකට පත්ව ඇති බව එරට නායිකා කැරී ලෑම් මහත්මිය ප්‍රකාශ කර ඇත.

මේ වනවිට එය පාලනය කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවද ඇය පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් හොංකොංවලින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 1,886ක් වන අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12ක් ලෙසයි. ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 500කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවද හොංකොං නායිකාව පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages