බ්‍රසීලය කොවිඩ් -19 එරෙහි එන්නතක් අත්හදා බලයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-22

බ්‍රසීලය කොවිඩ් -19 එරෙහි එන්නතක් අත්හදා බලයි

මිනිසුන් යොදාගනිමින් බ්‍රසීලය නව කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් අත්හදා බැලීම ආරම්භ කර ඇත.
 
චීන සමාගමක් සමග ඒකාබද්ධව මෙම පරීක්ෂණ කටයුතු සිදුකෙරේ. එම අත්හදා බැලීම් අවසන් අදියරට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
මෙම අධ්‍යයනය යටතේ ඉදිරි මාස තුන තුළදී බ්‍රසීලයේ ප්‍රාන්ත හයක සෞඛ්‍ය සේවකයින් 9,000 කට පමණ කොරෝනාවැක් නමින් හැඳින්වෙන එන්නත මාත්‍රා දෙකකින් ලබා දීමට නියමිතය.
 
මේ අතර බ්‍රසීලයේ ආදිවාසී ජනතාව අතර වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages