සේවා අවශ්‍යතාව මත පොලිස් නිළධාරීන් 20කට ස්ථාන මාරු - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-03

සේවා අවශ්‍යතාව මත පොලිස් නිළධාරීන් 20කට ස්ථාන මාරු

සේවා අවශ්‍යතාව මත පොලිස් නිළධාරීන් 20 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇත
 
නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන්, 20 දෙනෙකුට  ස්ථාන මාරුවීම් ලබාදීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇත
 
ඒ අනුව පොලිස් මූලස්ථානයේ සිටි නියෝජ්‍ය පොලිස්පති ජී. කේ. පී. අපොන්සු මහතා, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට මාරුකර යවා තිබේ.
 
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති එස්. සී. මැදවත්ත මහතා  සුබ සාධක දිසාවටයි යවා ඇත.
 
නියෝජ්‍ය පොලිස්පතිවරු 12 දෙනාට අමතරව ස්ථාන මාරුවීම් ලබාදී  ඇත්තේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 6 දෙනෙකුට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුටයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages