තවත් කොරෝනා රෝගීන් 21කට සුවයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-29

තවත් කොරෝනා රෝගීන් 21කට සුවයි

අද (29) උදෑසන 10 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 21 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය  පවසයි.
 
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2317ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
මේ අතර, ඊයේ දිනයේ දී හඳුනාගත් නව ආසාදිතයින් පස් දෙනා සමග මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2810 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
 
එම ආසාදිතයින් අතර සේනපුර නිරෝධායන මධ්‍යස්ථානයේ ආශ්‍රිතයෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි සිව් දෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය.
 
කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 482 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages