ඕස්ට්‍රේලියා නවසීලන්ත කිරි බිව්වොත් ජිවිතයම අනතුරේ – වෛද්‍යවරු හෙළිකරන තිත්ත ඇත්ත මෙන්න! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-29

ඕස්ට්‍රේලියා නවසීලන්ත කිරි බිව්වොත් ජිවිතයම අනතුරේ – වෛද්‍යවරු හෙළිකරන තිත්ත ඇත්ත මෙන්න!

අපේ රටේ එන්න එන්නම දියවැඩියාව, වකුගඩු, අක්මා, පිළිකා, හෘද, රුධිර වැනි බෝ නොවන රෝග බහුල ලෙස ව්‍යාප්ත වන්නට පටන්ගෙන ඇත. මීට එක් හේතුවක් වන්නේ යුරෝපීය රටවලින් එනම් නවසීලන්තය, ඔස්ටේ‍්‍රලියාව වැනි රටවලින් ආනයනය කරනු ලබන ‘ඒ’ ප්‍රෝටීනය සහිත කිරිපිටි භාවිතයයි.

යුරෝපීය රටවල ප‍්‍රීසියන්, ජර්සි, අයෂයර් වර්ගවලට අයත් දෙනුන්ගේ කිරිවල අඩංගු වන්නේ ඒ නමැති ප්‍රෝටීනයයි. මේ ප්‍රෝටීනය යුරෝපීය කිරි දෙනුන්ගේ කිරිවල අඩංගු වන අතර මෙම කිරි භාවිතයෙන් බෝ නොවන රෝග බෝවීමට ඉඩ ඇති බව නවසීලන්තයේ කෘෂිකාර්මික විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකු වන කීත් වුඞ්පෝර්ඞ් මහතා පර්යේෂණ මගින් සනාථ කර ඇත.

දේශීය ගව වර්ගවල මෙන්ම ඉන්දියානු හා අපි‍්‍රකානු ගව වර්ගවල කිරිවල අඩංගුව ඇත්තේ ‘ඒ2’ නමින් හඳුනාගෙන ඇති ප්‍රෝටීනයයි. ‘ඒ2’ ප්‍රෝටීනය අඩංගු කිරීවල බෝ නොවන රෝග ඇති කිරීමේ අවදානම නැත. කෙසේ වුව ද දේශීය කිරි දෙනුන්ගේ ‘ඒ2’ ප්‍රෝටීනය අප‍්‍රාණික වන පරිදි විදේශීය කිරි දෙනුන්ගේ ‘ඒ1’ ප්‍රෝටීනය සහිත ජානමය අභිජනන ක‍්‍රමවේදය මගින් ඉදිරි වසර පහ තුළදී දේශීය කිරි දෙනුන්ගේ කිරිවල ද මිනිස් සිරුරට අගුණදායක ‘ඒ’ ප්‍රෝටීනය අන්තර්ගත විය හැකි හෙයින් මේ පිළිබඳව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ජාතික පශු සම්පත් මණ්ඩලය සහ දේශීය කිරි නිෂ්පාදනයට සම්බන්ධ කිරි ගොවීන් ඇතුළු දේශීය කිරි නිෂ්පාදන සමාගම් විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇතැයි මේ පිළිබඳව ශක්‍යතා වාර්තාවක් ඉදිරිපත් කරන විෂයානුබද්ධ විශේෂඥ වෛද්‍ය එම්. පී. කීර්ති කුමාර මහතා අධ්‍යයන පති‍්‍රකාවක් නිකුත් කරමින් කියා සිටී.

විශේෂඥ වෛද්‍ය කීර්ති කුමාර / www.divaina.com



from රට තොට – Colombo Tribune https://ift.tt/2CXg7Mj
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages