හමුදා ශ්‍රම දායකත්වයෙන් නව නිවසක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-20

හමුදා ශ්‍රම දායකත්වයෙන් නව නිවසක්

ආරක්‍ෂක සේනාව (යාපනය) ආඥාපති මේජර් ජෙනරාල්‌ රුවන්‌ වනිගසූරිය ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ඉල්ලීමකට අනුව දානපති කුමාර වීරසූරිය මහතාගේ සහ එම මහතාගේ හිතමිතුරන්ගේ මූල්‍යමය පරිත්‍යාගයෙන්‌ කොඩිකාමම් (දකුණ) ප්‍රදේශයේ පදංචි මංජුලා ඥානේෂ්වරන්‌ මහත්මිය වෙත යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන්‌ ඉදිකිරීමට නියමිත නව නිවසට මුල්‌ ගල නැබීමේ උත්සවය 2020 ජුලි මස 19 වන දින යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිගේ ප්‍රධානත්වයෙන්‌ පවත්වන ලදි.
 
මෙම  නිවසේ ඉදිකිරීම්‌ කටයුතු 52 සේනාංකයේ සම්බන්ධීකරණයෙන් 522 බළසේනාවේ අධීක්‍ෂණය යටතේ 7 වත ගජබා රෙජිමේන්තුවේ ශ්‍රම දායකත්වයෙන්‌ සිදුකිරීමට නියමිතව ඇත.
 
'වර්තමාත සෞඛ්‍ය මාර්ගෝපදේශයත්ට අනුකලව පවත්වන ලද මෙම මුල්‌ ගල තැබීමේ උත්සව අවස්ථාවට සේතාංකාධිපති - 52 සේනාංකය චාවකච්චේරි ප්‍රදේශීය ලේකම්‌. 52 සේනාංකය යටතේ ඇති බළසේනාවල බලසේනාධිපති වරුන් යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරින්‌ ඇතුළු පිරිසක් සහභාගී විය 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages