ජාතික ආණ්ඩු හදන්න රාජ­ප­ක්ෂ­වරු හෝ ප්‍රේම­දා­ස­ලම ඕන නෑ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-11

ජාතික ආණ්ඩු හදන්න රාජ­ප­ක්ෂ­වරු හෝ ප්‍රේම­දා­ස­ලම ඕන නෑ

11 ජූලි, 2020

අපේ රටේ මුලින් ම බිහි වූ දේශ­පා­ලන පක්ෂය එජා­ප­යයි. ඒ දැවැන්ත එජා­පය අද මුහුණ දී සිටින ඉර­ණම ගැන මොන­වද හිතන්නෙ?

එක්සත් ජාතික පක්ෂය අද මුහුණ දී සිටින්නේ එදා 1952 දී මුහුණ දුන් ඉර­ණම වැනි සිද්ධි­ය­ක­ටයි. එදා එජා­පය සමඟ සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩා­ර­නා­යක එජා­පය අත හැර එජා­ප­යට එරෙ­හිව ශ්‍රීල­නි­පය ගොඩ නැඟුවා. ඒ වුණාට එජා­පය විනාශ වුණා ද? එජා­පයේ සිටි සම­හර උද­විය විටින් විට එජාප මත­වා­දය යට­පත් කරන්න උත්සාහ කරලා එහෙම කර ගන්න බැරි වුණාම පක්ෂය දාලා ගිහින් තිබෙන අවස්ථා ඕනෑ තරම් තියෙ­නවා. එජා­පයේ පද­නම කාට­වත් වෙනස් කරන්න බෑ. එජා­පයේ පද­නම තමයි සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ කියන මේ සියලු ජාතීන්ට අයිති දේශ­පා­ලන පක්ෂ­යක් කියන එක. ඒ පද­නම නිසා මේ පක්ෂය කාට­වත් අල්ලන්න හෝ යට­පත් කර ගන්න බෑ.

එජා­පයේ තියෙන ඒ ජාතික පද­නම නිසාද ඔබලා හැම­වි­ටම උතුර වෙන් කරන්න හදන‍්නෙ?

නෑ. ඒක වැරදි අර්ථ­ක­ථ­න­යක්. ඒ ජාතික පද­නම තුළ එජා­පයේ ස්ථාව­රය තමයි බේද­ය­කින් තොරව සියලු ජාතීන්ට සමාන අවස්ථා තියෙන්න ඕනෑ කියන කාර­ණය. අනෙක අපිට ශක්ති­මත් ආර්ථික ප්‍රති­ප­ත්ති­ය­කුත් තිබෙ­නවා. මේ සිය­ල්ලම එකට ගත්තාම වෙනත් කිසිම බල­වේ­ග­ය­කට එජා­පය යටත් කර ගන්න බෑ. අපේ දැන් ප්‍රමුඛ අර­මුණ මේ රටේ ආර්ථි­කය ගොඩ නැඟී­මයි. මේ මහ මැති­ව­ර­ණ­යෙන් අප ජන­තා­ව­ගෙන් ඉල්ලන්නෙ ඒ සඳහා අපිට බලය දෙන්න කිය­ලයි.

ඔබලා හැම­දාම කියන්නෙ රටේ ආර්ථි­කය කඩා වැටිලා කියලා. 2015 ඔබ­ලාට රට බාර දෙන විට ආර්ථික වර්ධන වේගය 7.4%ක් වුවත් 2019 වන විට එය 2.8% දක්වා පහත වැටුණේ ඔබ­ලාගේ පාල­න­ය­කින් නොවේද?

ඔබ මතු කළේ වැද­ගත් ප්‍රශ්න­යක්. 2014 වන විට ඔබ ඔය කියන ආර්ථික වර්ධන වේග­යක් තිබෙන්න ඇති. එහෙ­ම­නම් කිසි දේකට බිය විය යුතු නෑ. නමුත් එදා ඒ අය නිය­මිත දිනට කලින් මැති­ව­ර­ණය ප්‍රකා­ශ­යට පත් කළේ රටේ අනා­ගත ආර්ථික තත්ත්වය හොඳ නැති බව දැන­ගෙ­නයි. එදා ජන­තාව රට අපට බාර දුන් නිසා විවිධ හේතු නිසා­වෙන් කඩා වැටෙන ආර්ථි­ක­ය­කට අපිට මුහු­ණ­දෙන්න වුණා. මම නැව­තත් කියන්නේ එජා­පය සතු ශක්ති­මත් ආර්ථික ප්‍රති­ප­ත්තිය හා උපාය මාර්ග නිසා රටේ ආර්ථික වර්ධ­නය 2.8%කට අඩු වුවත් අද තිබෙන තත්ත්ව­යට පත් ව‍ුණේ නෑ. අපි ක්‍රම­යෙන් රට යථා තත්ත්ව­යට පත් කර­ගෙන ආවා. ලෝකයේ බංකො­ළොත් වෙන්න තිබුණ රටක් අපි නිවැ­රැදි ආර්ථික කළ­ම­නා­ක­ර­ණ­ය­කින් රට බේරා ගත්තා.

ඔබලා මැති­ව­රණ කල් දැමීම නිසා ඇතිව තිබෙන කළු පැල්ලම වහ ගන්නද මේ හදන්නෙ?

නිය­මිත කාල­යට පෙර මැති­ව­රණ තියන්නෙ ඇයි? එහෙම නම් අප්‍රේල් මාස­යට නිය­මිත සිංහල හින්දු අලුත් අවු­රු­ද්දත් පෙබ­ර­වා­රි­යට ගන්න පුළු­වන්නෙ. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය කියන්නේ ජන­තාව ලබා දුන් බල­යෙන් ජනතා ප්‍රශ්න විස­ඳී­මට ක්‍රියා කිරීම මිස මැති­ව­රණ කලින් පැවැ­ත්වීම නොවෙයි. මැති­ව­ර­ණය කලින් පැවැ­ත්වීමේ අර­මුණ ඉදි­රියේ මුහුණ දීමට ඇති ආර්ථික අභි­යෝග ජන­තා­ව­ගෙන් හංගලා එක්කෝ නැවත බලය ගැනීම නැත්නම් කාට­හරි ඒ අභි­යෝග බාර දීලා ඉවත් වීම. වසර දෙක­කට කලින් මැති­ව­රණ පව­ත්වන්න ඇත්ත හේතුව ඒකයි. එහෙම කරලා උජා­රු­වට කිය­නවා අපි ප්‍රජා­ත­න්ත්‍ර­වා­දියි කියලා. වැර­දි­ලා­වත් දිනුවා නම් මේ රටේ මිනි­ස්සුන් අන්ත අස­රණ තත්ත්ව­යට පත් වෙන්නත් ඉඩ තිබුණා.

ඔබ ඔය චෝද­නාව කරන රජයේ ප්‍රබල ඇමැති ධුර­යක් දැරූ මෛත්‍රි­පාල සිරි­සේන ඔබලා පොදු අපේ­ක්ෂ­කයා ලෙස තෝරා ගත්තේ මේවා නොදැන ගෙනද?

ඇත්තට ම සිරි­සේන මහ­ත්තයා ඒ රජ­යෙන් ඉවත් වෙන්න තීර­ණය කළේම ඒ රජයේ ආර්ථික ප්‍රති­පත්ති ‍හොඳ නෑ කිය­ලනේ. ඒ වෙලාවේ රටේ පැවැති දේශ­පා­ලන වාතා­ව­ර­ණය තුළ ඔහු පොදු අපේ­ක්ෂ­කයා ලෙස ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් කරන්න එජා­පය ගත් දේශ­පා­ලන තීන්දුව වැර­දුණේ නෑ. අපි ජය­ග්‍ර­හ­ණය කළා.

ඔබ කියන ආකා­ර­යට එජා­ප­යට තිබෙන ශක්ති­මත් ආර්ථික ප්‍රති­ප­ත්තිය නිසාද 2015 ආණ්ඩුව බාර ගෙන මාස දෙකක් ගත වන්න­ටත් පෙර මහ බැංකුව කොල්ල කන්නෙ?

අපේ විරු­ද්ධ­වා­දින් ගේ දේශ­පා­ලන සටන් පාඨ­යක් ඔබ ප්‍රශ්න­යක් විදි­යට මට යොමු කර­නවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍ය­න්තර ගනු­දෙනු පිළි­බද රහස්‍ය තොර­තුරු පිට­වීම නිසා මේ ප්‍රශ්නය ගොඩ­නැගී ඇතත් මෙහිදී කිසිම වැරදි දෙයක් සිදු­වෙලා කියල මේ දක්වා ඔප්පු වෙලා නෑ. ලෝකයේ දියුණු වෙළඳ රටාව සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව යාව­ත්කා­ලීන කිරී­මට ගත් තීන්දු නිසා ව්‍යාපා­රික ලෝකයේ ඇති­වන ලාභ අලාභ දේශ­පා­ලන කෝණ­යෙන් බලා චෝදනා ‍එල්ල කිරීම යුක්ති සහ­ගත නෑ. දැනට මේ පිළි­බ­ඳව කරන පරී­ක්ෂ­ණ­ව­ලින්ද මේ දක්වා දේශ­පා­ලන අධි­කා­රි­යට ඍජුව චෝදනා ඉදි­රි­පත් වී නෑ. කෙසේ නමුත් මේ සිද්ධිය දේශ­පා­ලන සටන් පාඨ­යක් ලෙස ව්‍යාප්ත වුවත් මේ සිද්ධි­යට දේශ­පා­ල­නය වැරැ­දි­කරු නොවු­වත් රහස් තොර­තුරු හෙළි කිරීමේ වර­දට නිල­ධා­රින් දඬු­වම් ලැබී­මට ඉඩ තිබෙ­නවා.

ඔබ සඳ­හන් කරලා තිබුණා දිනු­වත් දිනුම් පැර­දු­ණත් දිනුම් ජාතික ආණ්ඩු සංක­ල්ප­යෙන් ආණ්ඩු හද­නවා කියලා. එයින් අද­හස් කරන්නේ ආණ්ඩු හදන්න පොහො­ට්ටු­වට එකතු වෙනවා කියන එකද?

නෑ. මම හිතන විදි­යට එජා­පය පොහො­ට්ටුව හෝ දුර­ක­ථ­නය සමඟ ජාතික ආණ්ඩු හදන්නෙ නෑ. ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 19 වන සංශෝ­ධ­න­යෙන් පෙන්වා දී තිබෙ­නවා ජාතික ආණ්ඩු සංක­ල්පය. ඒ අනුව ජාතික ආණ්ඩු හදන්න රාජ­ප­ක්ෂ­වරු හෝ සජිත්ලා අවශ්‍ය වෙන්නෙ නෑ. 2015 අගෝස්තු මැති­ව­ර­ණ­යෙන් එජා­පය තනි පක්ෂ­යක් ලෙස පරා­ජය වුණත් සෙසු පක්ෂ­වල සහය ලබා­ගෙන අපි රජ­යක් පිහි­ටුවා ගත්තා. මේ විදි­ය­ටම ඉදිරි වසර තුළදී එජා­ප­යට ආණ්ඩු­වක් හදන්න පුළු­වන්. මතක තියා ගන්න එදා මැති­ව­ර­ණ­යේදී අපිට බහු­තර ආසන සංඛ්‍යා­වක් නොලැ­බු­ණත් මොළේ පාවිච්චි කරලා තුනෙන් දෙකේ බල­යක් පාර්ලි‍මේ­න්තු­වේදී පෙන්වන්න අපිට පුළු­වන් වුණා.



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages