බෙයාර්ස්ටෝව් - අලී කොදෙව්වන්ට එරෙහි පළමු තරගයට නෑ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-06

බෙයාර්ස්ටෝව් - අලී කොදෙව්වන්ට එරෙහි පළමු තරගයට නෑ

කොරෝනා වසංගතයෙන් නතර වූ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව යළි ආරම්භ කරමින් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග මාලාවේ පළමු තරගය සඳහා එංගලන්තය සංචිතය නම් කරයි.

බෙන් ස්ටොක්ස් පළමු වරට නායකත්වය දරන මේ සංචිතයෙන් ජොනී බෙයාර්ස්ටෝව් සහ මොයින් අලී ඉවත් කර ඇති අතර, ඩොම් බෙස් විශේෂඥ දඟ පන්දු යවන්නකු ලෙස සංචිතයට එක් කර තිබේ.

මේ සංචිතය නම් කිරීමට පෙර කොරෝනා වසංගතයෙන් පසු පුහුණුවීම් ආරම්භ කළ එංගලන්ත කණ්ඩායමට බෙයාර්ස්ටෝව් සහ අලී එක් කර තිබිණි.

පසුගිය වසරේ දෙසැම්බර් දකුණු අප්‍රිකාවේදී එක් ටෙස්ට් තරගයකට පමණක් ක්‍රීඩා කළ බෙයාර්ස්ටෝව්ට ඉන් අනතුරුව කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීය.

එංගලන්ත ටෙස්ට් කණ්ඩායම අවසන් වරට පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එක් වූ අතර, කොරෝනා වයිරසය හේතුවෙන් මේ තරගාවලිය සිව්දින පුහුණු තරගය අතරතුරදී අත්හැර දැමිණි. මේ සංචාරයට එක් වීමට ද බෙයාර්ස්ටෝව්ට අවස්ථාවක් හිමි නොවීය. එබැවින් කොදෙව්වන්ට එරෙහි තරගාවලියේදී යළි කණ්ඩායමට එක් වෙමින් කඩුලු රැකීමේ අවස්ථාවද හිමි වනු ඇතැයි බෙයාර්ස්ටෝව් විශ්වාසයෙන් යුතුව පසු විය. තාවකාලිකව පිටියෙන් ඉවත්ව සිටි අලී මේ තරගාවලියෙන් යළි ටෙස්ට් පිටියට පිවිසීමේ බලාපොරොත්තුවෙන් සිටියේය.

ක්‍රීඩකයන් 13 දෙනකුගෙන් සමන්විත ප්‍රධාන සංචිතයට අමතරව 9 දෙනකුගෙන් යුත් අතිරේක සංචිතයක් නම් කිරීමටද එංගලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

නිත්‍ය නායක ජෝ රූට් පෞද්ගලික හේතුවක් මත පළමු තරගයට ක්‍රීඩා නොකරන බැවින් ස්ටොක්ස්ට නායකත්වය හිමි විය.

එංගලන්ත-කොදෙව් පළමු ටෙස්ට් තරගය මේ 8 වැනිදා සවුත්හැම්ටන්හී දී ආරම්භ වීමට නියමිතය.

පළමු ටෙස්ට් තරගය සඳහා එංගලන්ත සංචිතය - බෙන් ස්ටොක්ස් (නායක), ජේම්ස් ඇන්ඩර්සන්, ජොෆ්රා ආචර්, ඩොමිනික් බෙස්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, රෝරි බර්න්ස්, ජොස් බට්ලර් (කඩුලු රකින්නා), සැක් ක්‍රෝලි, ජෝ ඩෙන්ලි, ඔලී පොපේ, ඩොම් සිබ්ලි, ක්‍රිස් වෝක්ස්, මාක් වුඩ්

අතිරේක - ජේම්ස් බ්‍රේසි, සෑම් කුරන්, බෙන් ෆොක්ස් (කඩුලු රකින්නා), ඩෑන් ලොරන්ස්, ජැක් ලීච්, සකීබ් මහමූඩ්, ක්‍රේග් ඕවර්ටන්, ඔලි රොබින්සන්, ඔලි ස්ටෝන්.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages