නල්ලතන්නිය-මස්කෙළිය මාර්ගයේ නාය ගිය තැන පිළිසකර කෙරේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-06

නල්ලතන්නිය-මස්කෙළිය මාර්ගයේ නාය ගිය තැන පිළිසකර කෙරේ

නල්ලතන්නිය - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ, නල්ලතන්නිය මෝහිණී දිය ඇල්ල අසල නාය යෑමට ලක් වූ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු මේ දිනවල මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් සිදු කරමින් පවතී. අධික වර්ෂාවත් සමඟ වසර කිහිපයක් තිස්සේ මේ ස්ථානයේ විශාල නාය යෑමකට ලක් වන අතර ප්‍රධාන මාර්ගයට බෑවුමේ පිහිටි මාවුස්සාකැලේ ජලාශය නිසා අනතුරුදායක තත්ත්වය වැඩි වී තිබිණි. ශ්‍රී පාද වන්දනා සමයේදී වන්දනාකරුවන් රැගෙන නල්ලතන්නියට විශාල වාහන රැසක් පැමිණෙන නිසා නාය යෑමට ලක්වන මේ ස්ථානයේ අබලන් තත්ත්වය හේතුවෙන් රියැදුරෝ දැඩි අසීරුතාවටද පත්ව සිටියහ.

ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

මස්කෙළිය සමූහ

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages