සෞඛ්‍ය නීති යටතේ හජ් වන්දනා සමය ඇරඹේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-29

සෞඛ්‍ය නීති යටතේ හජ් වන්දනා සමය ඇරඹේ

වන්දනාකරුවන් දස දහසකගේ සහභාගීත්වයෙන් ශුද්ධවූ හජ් වන්දනාව සෞදි අරාබියේ මක්කම නුවරදී අදින් ආරම්භ වේ.

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සෞදි පුරවැසියන් සහ ලොව පුරා රටවල් නියෝජනය කරමින් ඉස්ලාම් බැතුමතුන් මේ සඳහා සහභාගී වනු ඇත.

සාමාන්‍යයෙන් මිලියන 2ක දේශීය සහ විදේශීය බැතිමතුන් පිරිසක් හජ් වන්දනාවට වාර්ෂිකව එක්වන නමුත් කොරෝනා වසංගතය හමුවේ එය සීමා කිරීමට සෞදි රජය පියවර ගනු ලැබුවේය.

මුස්ලිම් බැතිමතුන්ට සිය ජීවිත කාලය තුළ එක් වරක් හෝ මක්කම වන්දනා කළ යුතු බවට කුරානයේ ද සඳහන් වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages