අශෝක වඩිගමංගාව රිය අනතුරකින් ජීවිතක්ෂයට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-05

අශෝක වඩිගමංගාව රිය අනතුරකින් ජීවිතක්ෂයට

 
පුත්තලම – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පාදෙණිය ප්‍රදේශයේ සිදුවූ මෝටර් රථ අනතුරකින් සමගි ජනබලවේගයේ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක අශෝක වඩිගමංගාව මහතා ජීවිතක්ෂයට පත්වෙයි.
 
මිය යන විට ඔහු 68 වන වියේ පසු විය.
 
අද (05)සවස 3.45ට පමණ කුරුණෑගල - පුත්තලම මාර්ගයේ, නිකවැරටිය දෙසට ධාවනය වු අශෝක මහතාගේ මෝටර් රථය මාර්ගයෙන් දකුණු පැත්තට ගමන් කිරීම හේතුවෙන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටී මෙම අනතුර සිදුව ඇත.
 
අනතුර සිදු වු අවස්ථාවේ ඒ මහතා පමණක් මෝටර් රථයේ සිට ඇති අතර බරපතල තුවාල ලබා සිටි ඒ මහතා වාරියපොල රෝහලට ඇතුලත් කළ පසු මිය ගොස් තිබේ.
 
ලොරි රථයේ රියදුරුද තුවාල ලබා වාරියපොල රෝහලට ඇතුලත් කර ඇත.
 
 
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages