රටටම පේන්න එම්සීසී ගිවිසුම ඉරා දමන්න - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-13

රටටම පේන්න එම්සීසී ගිවිසුම ඉරා දමන්න

 සමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස

මුළු රටටම පේන්න එම්සීසී ගිවිසුම ඉරා දමන ලෙස මේ ආණ්ඩුවට අභියෝග කරනවා යැයි සමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අකුරැස්ස හිල්ටොප් උත්සව ශාලාවේදී ඉකුත් 11 දා පැවති සමඟි ජන බලවේගයේ අකුරැස්ස බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් ප්‍රේමදාස මහතා එසේ කීය.එහිදී ඒ මහතා මෙසේ ද පැවසීය.

ආණ්ඩුව දැන් ඇමෙරිකාව ඉදිරියේ දණ ගහලා වන්දනාමාන කරනවා. ඒ අය මහා මැතිවරණය දිනනවා කියල හිතල එම්සීසී ගිවිසුම කල් දමමින් ඉන්නවා. අපි මැතිවරණය ඉවර වෙනකල් බලන් ඉන්නේ නෑ. රට ගැන සිතා, ජනතාවගේ පොදු මතයට මුල් තැන ලබාදෙමින් සමඟි ජන බලවේගය එම්සීසී ගිවිසුම කෑලි කෑලිවලට ඉරා දමනවා. එවැනි ප්‍රකාශයක් කරලා මුළු රටටම පේන්න එම්සීසී ගිවිසුම ඉරලා දමන්න කියලා මා මේ ආණ්ඩුවට අභියෝග කරනවා. දැන් මේ දිනවල කොරෝනා දෙවෙනි රැල්ලක් ගැන කතා වෙනවා. ආණ්ඩුව පැත්තේ අය කියනවා කොරෝනා ඉවර කරපු හපන්නු කියල. මේ දෙවෙනි රැල්ලට හේතුව ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියා මාර්ගය. වෙනත් රටවල්වල නායකයෝගෙවුණු අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන ජනතාව අතට මුදල් ලබාදෙනවා. මිනිස්සුන්ට සල්ලි දෙන්න ඕනෑ. ආර්ථිකයට මූල්‍ය උත්තේජනයක්, පැකේජයක් ලබාදෙන්න ඕනෑ. මූල්‍ය සම්පත් වලින් ආර්ථිකයට මුදල් පොම්ප කරන්න ඕනෑ. ඇමෙරිකාව ඒ රටේ ජනතාවගේ ගිණුම් වලට මුදල් බැර‍ කරනවා. එංගලන්තයේ පෞද්ගලික ආයතනවල සේවකයන්ට 80%ක් රජයෙන් වැටුප් ගෙවනවා. බංගලදේශයේ 100%ක් ගෙවනවා. ඒ රටවල ක්‍රම තුනක් ක්‍රියාත්මකයි. පරිභෝජනය, ඉතිරිකිරීම, ආයෝජනය. මිනිහෙකුට මුදල් දෙනකොට ආර්ථිකය උඩට යනවා. අක්‍රීය ආර්ථිකය සක්‍රීය වෙනවා. මූල්‍ය ශක්තිය ලබා නොදෙන එකම රට අපේ රටයි. 10,000ක් දීලා ෂේප් වෙලා ඉන්නවා. අපේ ආණ්ඩුවක් බලයට පත්වුණ වහාම ආර්ථිකය යම් මට්ටමකට එනකම් ග්‍රාමීය සහ නාගරික දුප්පත් ජනතාවට මසකට රුපියල් 20,000ක් බැගින් ලබා දෙනවා. අධිවේගී මාර්ග, පාලම්, බෝක්කු හදන්න ඕනෑ. නමුත් මේ වෙලාවේ මිනිස්සුන්ගේ අතට මුදල් ඕනෑ.

දැන් බොර තෙල් මිළ පතුලටම වැටිලා. මාස 12 කට තෙල් මිළ වෙනස් කරන්නේ නෑ කියල කැබිනට් තීන්දුවක් අරගෙන තියෙනවා. මූලික ආර්ථික ප්‍රතිපත්ති නොදන්නා ආණ්ඩුවක්. අපි බලයට ඇවිත් පැය 24ක් ඇතුළත තෙල් මිළ අඩු කරනවා. ග්‍රාම රාජ්‍ය, නගර රාජ්‍ය සංකල්පය අනුව ගම හදා රට හදා අලුත් වැඩපිළිවෙළ තුළින් මේ රටේ කුඩා ගම්මාන 51,000 ම ජනතාව ශක්තිමත් කරනවා.“

සමඟි ජනබලවේගයේ අකුරැස්ස ආසනයේ ප්‍රධාන සංවිධානයක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ, හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී කපිල ගමගේ මහත්වරු ද මෙහිදී අදහස් පළ කළහ.

 

 

අකුරැස්ස මධ්‍යම විශේෂ-

විජිත සල්ගාදු

No comments:

Post a Comment

Post Bottom Ad

Pages