මද්දකට අසුව කොටියෙකු මරණයට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-21

මද්දකට අසුව කොටියෙකු මරණයට

නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේදී මද්දකට අසුව කොටියෙකු මරණයට පත්ව තිබෙන බව නල්ලතන්නිය වනජීවි කාර්යාලය පවසයි.
 
මද්දකට අසුවූ කොටියා එය කඩාගෙන ගොස් කෝපි ගසකට නැග තිබෙන බවත් කෝපි ගසේ දෙබලක මන්ද පැටලීමෙන් පසු කොටියා ඉන් පහළට එල්ලී තිබෙන බවත් නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසුවේය.
 
අවුරුදු හතක් පමණ වයසැති කොටියා හොඳින් වැඩුණු ගැහැණු සතෙකු බවත් මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමුකළ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
 
මෙම වසර තුළ මධ්‍යම කඳුකරයේ කළු කොටියෙකු ඇතුළු කොටි මරණ පහක් වාර්තා වී තිබේ.
 
 අසේල කුරුළුවංශ 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages