හෙට වැසි තත්ත්වයේ වැඩිවීමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-22

හෙට වැසි තත්ත්වයේ වැඩිවීමක්

බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල හෙට(23) දිනයේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක‍්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 
 
බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකිය. වයඹ පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. 
 
සබරගමුව පළාතෙත් නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මි.මී. 50ට වැඩි තරමක තද වර්ෂාපතනයක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ. 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages