සම්පත් බැංකුවේ ප්‍රශ්නය ගැන කූඹියෝ නිෂ්පාදක අසංක දොඩංතැන්න කියන කතාව මෙන්න - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-05

සම්පත් බැංකුවේ ප්‍රශ්නය ගැන කූඹියෝ නිෂ්පාදක අසංක දොඩංතැන්න කියන කතාව මෙන්න

සම්පත් බැංකුවේ ප්‍රශ්නය ගැන කූඹියෝ නිෂ්පාදක කතා කරයි

මුස්ලිම් කාන්තාවක ඇතුළුකරගැනීම ප්‍රතික්ෂේප කළැයි දෙහිවල සම්පත් බැංකුවට එරෙහිව මේ දිනවල පළවන තරුණයෙකු බැණවදින වීඩියෝව හා සම්බන්ධ සිද්ධියෙන් අනතුරුව ඒ ගැන අදහස් දක්වන්නට විවිධ අය කටයුතු කර තිබේ.

මේ සමග පළවන්නේ කූඹියෝ ටෙලි නාට්‍යයේ නිෂ්පාදක අසංක දොඩංතැන්න ඒ ගැන සිය ෆේස් බුක් පිටුවේ දක්වා තිබූ අදහසකි.

1987 දී ඇරඹි සම්පත් බැංකුවේ පුරෝගාමීන්ගේ(Pioneers) සිංහල බෞද්ධ මතවාද පිලිඹද විවාදය අලුත් වටයකින් සාකච්ඡා වීමට පටන්ගෙන ඇත්තේ දෙහිවල ශාඛාවේ සිදුවු සුළු සිදුවීමක් අරභයාය. එය නිමල් පෙරේරා මහතාගේ Twitter පණිවුඩයකින් ආරම්භ වී මංගල සමරවීර මහතා ප්‍රමුඛ පිරිසක් බැංකුව වර්ජනය කිරීමක් දක්වා වර්ධනය වී ඇත.
සම්පත් බැංකුවේ ගෙවුනු ඉතාම සුන්දර වසර හයක අතීතයක් මටද ඇති බැවින් කලින් කලට බැංකුවට එල්ලවන සිංහල බෞද්ධ ආකෘතියට එරෙහි විවේචනය මටනම් අලුත් අත්දැකීමක් නොවේ. බැංකුවේ ලාංජනය වන පුණ්කලසේ සිට දුරකතන ඇමතුම්වලට "ආයුබෝවන්" ලෙස ආචාර දැක්වීම දක්වා සම්පත් බැංකුවට අනන්‍ය වූ බොහෝ දේ විවේචනය වන්නේ එයින් එක් ජාතියක් සුවිශේෂී ලෙස ප්‍රවර්ධනය වන බව පවසමිනි. නමුත් ඒ විවේචකයන්ගේ සැබෑ අරමුණු තමන්ට අනන්‍ය වූ ආකෘතියකින් ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත්ව ඇති ආයතනයක හර පද්ධතිය විනාශ කිරීමට ජාතිවාදය අවියක් කර ගැනීම පමණමය.

මගේ අත්දැකීම් අනුව අනෙක් පෞද්ගලික බැංකු වලින් සම්පත් බැංකුව වෙනස් වන්නේම ඔවුන් සතු සුවිශේෂී ශ්‍රී ලාංකීයත්වය නිසාමය. ඔවුන් නවීන තාක්ශනික බැංකුකරණය සාම්ප්‍රදායික බැංකුකරණය සමග මුසුකිරීමට දැක්වූ නිපුනත්වයේ ප්‍රථිපලයක් ලෙසය. ඔවුන් ස්වකීය ශාඛා ජාලය පුළුල් කිරීමේදී අදාල ප්‍රාදේශීය සංස්කෘතීන් හඳුනාගෙන ඊට අනුබධ්ද වීමට ගත් වෙහෙස නිසාය. බැංකුව කොළඹ කොටස් වෙළඳපලේ ශේණිගත කිරීමේ මූලික කොටස් නිකුතුවේදී N U ජයවර්ධන එහි කොටස් ලාංකීය ආයෝජකයන් අතට පත් කිරීමට දූරදර්ශී වීම නිසාය. වසර 33ක් තිස්සේ තමුන්ගේ අක්මුල් නොසිඳ සාර්ථක ගමනක් යන්නට සම්පත් බැංකුවට හැකිවන්නේම ඔවුන්ගේ ශක්තිමත් පාදම දේශීය චින්තනය මත ගොඩනැගුනක් වීම නිසාය.

Buying and Believing” ග්‍රන්තයේ රචක Steven Kemper ට අනුව යල්පැනගිය අති සාම්ප්‍රදායික බැංකුකරණයක යෙදුනු රාජ්‍ය බැංකු ඒකාධිකාරයයෙන් සහ සමාජයේ ඉහල පාන්තිකයන්ට පමණක් සේවය සැලසූ පෞද්ගලික බැංකුවලින් ලාංකීය පාරිභෝගිකයාට ආර්ථික නිදහස් උරුමකරදීමේ ගෞරවය සම්පත් බැංකුව සතුය. ජානක ද සිල්වා, කුමා වීරසූරිය වැනි ජේෂ්ඨ බැංකුකරුවන්ගේ චින්තනය මත පමණක් නොව තරුණ තිලාන් විජේසිංහ සහ අජන්ත මධුරප්පෙරුම වැන්නවුන්ගේ නැවුම් අදහසින් පෝශිතව සහ අර්වින් වීරල්කොඩිගේ පෙරලිකාරී වෙළඳ ප්‍රාචාරණ (advertising) උපක්‍රම මතින් ආරම්භ වුනු ඩ්ජිටල් බැංකුකරණයේ ශ්‍රී ලාංකීය සළකුන අනාගත ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency)යුගයට අපේකම නොනසා රැගෙන යාමට සම්පත් කංඩායමට ඇති හැකියාව ගැන මටනම් ඇත්තේ අපමණ විශ්වාසයකි. සමාජ මාධ්‍ය ප්‍රහාර වලින් සම්පත් බැංකුවේ විශ්වාසයට හානි කල හැකිනම් සම්පත් වෙළඳනාමය වෙළෙඳපලින් සමුගෙන මේ වනවිට බොහෝ ක‍ල් ය.

1987-92 කාලයේ තම පලමු රැකියාව ලෙස සම්පත් බැංකුවට සම්බන්ධ වූ පලමු කාණ්‍ඩයේ පිරිස් අතට මේ වනවිට බැංකුවේ ඉහල කළමනාකාරීත්වය ලැබී ඇත. ඔවුන්ගෙන් කෙනෙකු බොහෝ විට නුදුරේදී සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ පුටුවේ අසුන්ගනු ඇත. ඔවුන් බොහෝ දෙනෙකු එකට දුක සැප බෙදාගත් මගේ මිතුරන්‍ නිසාම ඔවුනට එරෙහි ජාතිවාදී ප්‍රහාරයක් එල්ලවන මේ මොහොතේ මගේ සහෝදරත්වයේ දෑත ඔවුනට දිගු කරමි.

හෙටදින එලිය කිරීමට අවශ්‍ය වන්නේ ඔබ සුපුරුදු ඔබ ලෙසින් හෙටට මුහුණදීම පමණමය.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages