කුසල්ගේ අනතුර ගැන ක්‍රිකට් ආයතනයෙන් තීරණයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-27

කුසල්ගේ අනතුර ගැන ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්

27 ජූලි, 2020

රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කි‍්‍රකට් කී‍්‍රඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරීම කෙරෙහි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ අදාළ යෝජනාව අද (27) පැවැත්වෙන කි‍්‍රකට් කමිටුවට ඉදිරිපත් කරන බවයි.

කී‍්‍රඩකයින් අතින් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගැනීමේ පියවරක් වශයෙන් මෙවැනි විනය පරීක්ෂණයක් සිදුකිරීමට යෝජනා වී ඇති බව සඳහන්.

ගිවිසුම්ගතව සිටින කී‍්‍රඩකයින් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ සිදුකිරීමේ බලය ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සතුව පවතියි.

මේ අතර මෙම රිය අනතුරෙන් මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් වෙත රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක් ලබාදීමට කුසල් මෙන්ඩිස් ඉකුත් දා අධිකරණයේදී එකග විය.

ස්ථිර නිවසක් නොතිබූ එම පවුල වෙත ඉඩමක් ද ලබාදීමට කුසල් මෙන්ඩිස් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

 

 



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages