පළාත් කිහිපයකට අදත් වැස්ස - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-21

පළාත් කිහිපයකට අදත් වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන්වේ.  
 
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.  
 
සබරගමුව, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 50 වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages