දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අතර හමුවක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-23

දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අතර හමුවක්

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
 
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරන පරිදි ලබන 26 වන දින අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිතය
 
එහිදි තැපැල් ජන්දය සලකුණු කිරිමේ ප්‍රතිශතය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකර , අවශ්‍ය නම් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අමතර දිනයන් ලබා දිමට බලාපොරොත්තු වන බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
 
මේ අතර රාජ්‍ය සේවකයින් මැතිවරණ රාජකාරි කටයුතු සඳහා සහභාගි විම අනිවාර්යය බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages