කුඩු සදහටම තුරන් කරනවා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-06

කුඩු සදහටම තුරන් කරනවා

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

අනිවාර්යයෙන්ම කුඩු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මෙවර සඳහටම තුරන් කරන්නේයැයි බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අවධාරණය කළේය.

ඒ මහතා ඊයේ (05) කොළඹදී පැවැති උත්සවයකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ අනිවාර්යයෙන්ම කුඩු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මෙවර සඳහටම තුරන් කරනබවත් එය කියූ පරිදිම අනිවාර්යයෙන්ම සිදු කරන බවයි. ඒ මක් නිසාද කියතොත් බස්නාහිර පළාතේ වගකිම තමන් අතේ පවතින හෙයින් බවද පෙන්වා දන්නේය.. තමන් එදත් උත්සහ කළේ එය සිදු කිරීමට බව පෙන්වා දුන් ඒ මහතා, මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි එදා තුරන් කිරීම සහ මැඩලීම හරියාකාරව කර ගැනීමට බැරි වුවද මෙවර එයට කිසිදු බාධාවක් නොමැති බවද කියා සිටියේය. ජනාධිපතිතුමාගේ එකම අවශ්‍යතාව කුඩු සහ අපරාධ කල්ලි මැඩපැවැත්වීම බව පෙන්වා දුන් ඒ මහතා එබැවින් මේ ඒ සඳහා හොඳම අවස්ථාව බවත්, එබැවින් ගම තුළ මේවා සිදු කරන්නේ කවුරුන්ද කියන වග ඒවා සිදු කරන උදවිය පිළිබඳ ඉතා හොඳින් ජනතාව සතු තොරතුරු අවශ්‍ය කරන විශ්වාසවන්ත නිලධාරීන්ට ලබා දෙන්න යැයිද ඉල්ලා සිටියේය.

රක්ෂණ ශ්‍රියන්ත

No comments:

Post a Comment

Post Bottom Ad

Pages