ෂැනන් ගේබ්‍රියල් යළි කොදෙව් සංචිතයට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-06

ෂැනන් ගේබ්‍රියල් යළි කොදෙව් සංචිතයට

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක ෂැනන් ගේබ්‍රියල්, එංගලන්තය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ 15දෙනෙකුගෙන් සමන්විත කොදෙව් සංචිතයට ඇතුළත් කර තිබේ.
 
ඒ ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය යහපත් මට්ටමක පැවතීම හේතුවෙනි.
 
32 හැවිරිදි ෂැනන් ගේබ්‍රියල් පසුගිය වසරේ ඉන්දියාව සමග පැවැති ටෙස්ට් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක්විය. වළලුකර ප්‍රදේශයේ සිදු වු ආබාධය හේතුවෙන් ඔහු සැත්කමකට භාජනය කෙරුණි.
 
කෙසේ වෙතත් මේ දිනවල එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා එංගලන්තයේදී පුහුණුවීම්වල නිරත වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කරමින් සිටියි.
 
එහිදී ෂැනන් ගේබ්‍රියල් ආබාධයෙන් පසු පූර්ණ සුවය ලබා යහපත් ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බව කොදෙව් කළමනාකාරීත්වය සඳහන් කළ අතර ඔහු එංගලන්තය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලි සංචාරය  සඳහා ද නම් කෙරුණි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages