‘අංගොඩ ලොක්කා’ඉන්දියාවේදී අබිරහස් ලෙස මරණයට පත්වුනාදැයි බුද්ධි අංශ පරීක්ෂණ අරඹයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-23

‘අංගොඩ ලොක්කා’ඉන්දියාවේදී අබිරහස් ලෙස මරණයට පත්වුනාදැයි බුද්ධි අංශ පරීක්ෂණ අරඹයි

 
ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායකයකු වන චන්දන ලසන්ත පෙරේරා හෙවත් ‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේදී අබිරහස් ලෙස මරණයට පත්වී ඇතැයි ලද තොරතුරක් මත බුද්ධි අංශ ඊයේ (22) සිට විමර්ශනයක් අරඹා තිබේ.
 
දැනට ලැබී ඇති තොරතුරු වාර්තාවලට අනුව සඳහන් වන්නේ විෂ ශරීරගත වීමකින් මරණය සිදුවී ඇති බවයි.
 
පාතාල කණ්ඩායම් මගින් ලැබෙන තොරතුරු මත අංගොඩ ලොක්කා මීට මාස ගණනකට පෙර ඉන්දියාවේ රථ ගාලක සිටියදී ලොරියක හැපී තුවාල ලබා බැංගලෝර්හි රෝහලක ප්‍රතිකාර ලබා ඇත.
 
අංගොඩ ලොක්කා මීට ඉහතදී ඉන්දියාවේදී මුහුණට ප්ලාස්ටික් සැත්කමක් කරගෙන ඉතාලියේ සිටින ඥාතියකු මාර්ගයෙන් යුරෝපයට පැනයාමට සූදානම් වන බවද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබුණි. අංගොඩ ලොක්කා, ඝාතනය වූ බවට මෙලෙස ප්‍රචාරය කර යුරෝපයට පැන යාමට සැලසුම් කළාද යන්න බුද්ධි අංශවලට සැක පහළ වී තිබේ.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages