ඇසළ පොහෝදා ජනපති සිද්ධස්ථාන වැඳ පුදා ගනී - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-06

ඇසළ පොහෝදා ජනපති සිද්ධස්ථාන වැඳ පුදා ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇසළ පුන් පොහෝ දින යෙදුණු පෙරේදා (04) අනුරාධපුර වෙහෙර විහාරස්ථාන වැද පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය.

මෙහිදී අනුරාධපුර මිහින්තලේ මිහිඳු ආරණ්‍ය සේනාසනය, තන්තිරිමලේ රජමහා විහාරස්ථාන වෙත ගොස් විහාරාධිපති හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අනුරාධපුර, මිහින්තලයේ ඓතිහාසික මිහිදු ආරණ්‍ය සේනාසනය වැඳ ආශිර්වාද ලබා ගත් ජනාධිපතිවරයා මිහිදු ආරණ්‍ය සේනාසනය වෙත පැමිණි සේනාසනාධිපති, සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ වන වාසී සංඝ සභාවේ ප්‍රධාන සංඝනායක ගල්පාත සුමන හිමියන් බැහැ දැක සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය. එහි දී ජනාධිපතිවරයා දහම් පාසල් දරු දැරියන් සමඟ ඉගෙනුම් කටයුතු පිළිබඳ කතා බහක නිරත වූයේය.

ඉන් පසු ඓතිහාසික තන්තිරිමලය රජ මහා විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා තන්තිරිමලේ රජ මහා විහාරාධිපති තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. මෙහිදී කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා රජය ඉටු කළ විශිෂ්ට සේවාව උන්වහන්සේ අගය කර සිටියහ. එහිදී ජනාධිපතිවරයා අෂ්ට ඵල බෝධීන් වහන්සේ උදෙසා ඖෂධ පූජාවක් ද සිදු කරමින් ආශිර්වාද ලබා ගත් අතර, මේ අවස්ථාවට අනෝමා රාජපක්ෂ මහත්මිය, දරුවන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

මෙහි දී තන්තිරිමලේ පුද බිමට රැස්ව සිටි බැතිමත්තු රැසක් ජනාධිපතිවරයා දැක බලා ගැනීම සඳහා රැස්ව සිටියහ.

ඡායාරූප අනුරාධපුර අතිරේක

 

 

අනුරාධපුර අතිරේක

අමිල ප්‍රභාත් වනසිංහ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages