පොදු ප්‍රවාහන සේවය ආකර්ෂණිය කිරීමට සැලසුම් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-29

පොදු ප්‍රවාහන සේවය ආකර්ෂණිය කිරීමට සැලසුම්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ වාහන ගන්න පර්මිට් නිකුත් කිරීම නවත් වන පරිදි පොදු ප්‍රවාහණ සේවා සංවර්ධනය කීරීමට පියවර ගන්නා බව  ප්‍රවාහන  සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.
 
අපේ රටේ ජාතික ආදායමෙන් රුපියල් බිලියන ගණනක මුදලක් මන්ත්‍රීවරුන්ට වාහන මිල දී ගැනීමට නොමිලයේ පර්මිට් නිකුත් කරනු ලබයි.  රටේ ජනතාව මේ තුළ අසරණ වන බව අමාත්‍ය වරයා වැඩිදුරටත් අදහස් දක්වයි.
 
ප්‍රවාහණය ආකර්ශණීය සේවාවක් ලෙස සංවර්ධනය කළ කිරීම තුළින් මේ පිරිවැය පාලනය කළ හැකි බව අමාත්‍ය වරයා ප්‍රකාශ කරයි.
 
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (28) හම්බන්තොට පැවැති මහජන රැස්වීමක් අමතමිනි.
 
 බස් රථවල ඝෝෂාකාරී ලෙස ගීත වාදනය කිරීම නැවැත්වීම මෙන්ම ආසන ගණනට පමණක් මගීන් ගෙන යාම දැන් ක්‍රියාත්මක කර ඇත.
 
මෙම වැඩපිළිවෙළ ඉදිරියටම ක්‍රියාත්මක කර ආසන ගණනට මගීන් ප්‍රවාහණය කිරීම පොදු නීතියක් බවට පත් කරනවා යැයි ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages