තැපැල් ඡන්දයේ දෙවන දිනය අද - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-14

තැපැල් ඡන්දයේ දෙවන දිනය අද

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාවිත කිරීමේ කටයුතු අද (14) දෙවන දිනටත් සිදුකෙරෙයි
 
තැපැල් ඡන්ද භාවිත කිරීම ඊයේ (13)  දිනයේ ආරම්භ වූ අතර ලබන 17 වැනිදා දක්වා සිදුකිරීමට නියමිතය.
 
මෙම දිනයන්හිදී තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින් සඳහා තවත් අතිරේක දින දෙකක් ඒ සඳහා ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
 
 ඊයේ උදෑසන 9.00ට ආරම්භ කෙරුණු තැපැල් ඡන්ද භාවිත කිරීමේ කටයුතු පස්වරු 4.00ට අවසන් කෙරුණි.
 
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යය මණ්ඩලවලට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ඊයේ දිනයේ දී සිදුකෙරුණු අතර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පමණක් තැපැල් ඡන්ද සලකුණු කිරීම ඊයේ දිනයේ සිදුකෙරුණේ නොමැත.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages