කොරෝනා දෙවන රැල්ලක්ද ? - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-13

කොරෝනා දෙවන රැල්ලක්ද ?

ප්‍රවාහන සේවය ,වෙළෙඳපොළ ,මැතිවරණ රැස්වීම්, තුළ පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යාම ඉතාම දුර්වල තත්ත්වයක් පවතින බවත් මෙම තත්වය නොසලකාහරින තත්ත්වයක් බවට පත්වුවහොත් ඉතාමත් අයහපත් නිර්මාණය විය හැකි බව බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා ඒකකයේ ප්‍රධානී විද්‍යාඥ සුදත් සමරවීර අවධාරණය කරයි.

එම තත්ත්වය තුළ යම්කිසි ආකාරයකින් රෝගියෙක් සිටියේ නම් විශාල පිරිසකට රෝගය බෝවීමත් එම ආශ්‍රිතයන් හඳුනා ගැනීමත් ඉතාම අපහසු වන බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි .

එහෙයින් පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමත් ජනාකීර්ණ ස්ථානවල දී නිසි පරිදි මුඛ ආවරණ පැළඳීමත් අත් සේදීමත් ඉතාම වැදගත් බව ඔහු කියා සිටියි.

මේ මොහොතේ වෛරසය ව්‍යාප්තිය පාලනය නොකළොත් එය වෛරසය ව්‍යාප්තියට බලපාන අතර එවැනි තත්ත්වයකදී යළිත් පසුගිය මාස කිහිපයේ පැවති ආකාරයට සීමාවන් පැනවීමට සිදුවනු ඇති බවත් එය යළිත් ජන ජීවිතය ආපස්සට හරවනු ඇති බවද සුදත් සමරවීර අවධාරණය කරයි.

දැන් හඳුනාගෙන තිබෙන තත්ත්වය දෙවන රැල්ලක් දක්වා ව්‍යාප්ත වීමේ අවදානමක් පැවතියත් තත්ත්වය පාලනය කර තිබෙන බවත් මෙලෙස හඳුනා නොගත් රෝගියෙක් තවත් තැනක සිටියොත් එය දෙවන රැල්ලක් ලෙස මතු වීමේ අවදානම තිබෙන බවද හෙතෙම පෙන්වාදෙයි.

එහෙයින් රටේ සමස්ත ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය බව සුදත් සමරවීර වැඩිදුරටත් කියාසිටියි.

The post කොරෝනා දෙවන රැල්ලක්ද ? appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages