රටේ සංවර්ධනයට උතුර දකුණ කියා වෙනසක් නැහැ - අගමැති කියයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-01

රටේ සංවර්ධනයට උතුර දකුණ කියා වෙනසක් නැහැ - අගමැති කියයි

රටේ සංවර්ධනයට සහ ජන ජීවිතය නැංවීමට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී උතුර දකුණ ලෙස වෙනසක් නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
 
දෙමළ මාධ්‍යවේදීන් සමග අද (01) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
 
2005,  2010 තම රජය පැවති සමයේ දී උතුරු නැගෙනහිර පළාත්වල දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.
 
එම පළාත්වල ජන ජීවිතය යහපත් කිරීමට සැළැස්මකින් යුතුව වත්මන් රජය ද ක්‍රියා කරන බව අගමැතිවරයා පෙන්වා දුන්නේය. 
 
එසේම උතුරේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන පානීය ජල ගැටලුව විසඳීම සඳහා තම රජය ප්‍රමුඛතාව ලබාදෙන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා සැලසුම් සකස් කර ඇති බව ද පැවසීය. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages