මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ඇරඹේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-21

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ඇරඹේ

මහනුවර ඓතිහාසික ශී‍්‍ර දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය අද (21) ආරම්භ කෙරුණි.
 
අද අළුයම 2.26 ට යෙදුණු සුබ මොහොතින් සිව් මහා දේවාල කප් සිටුවීමේ චාරිත‍්‍රය සිදු කරමින් ඇසළ පෙරහැර මංගල්‍යය සිදු කෙරුණි.
 
කප් සිටුවීමේ මංගල්‍යය පුරාණ චාරිත‍්‍රානුකූලව හා ආගමික වතාවත්වලට අනුව සිව් මහා දේවාල බස්නායක නිලමේවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදු කළේය. එසේම පුරාණ චාරිත‍්‍රානුකූලව දේවාභරණ වැඩම කරවීම එහිදී සිදුවිය.
 
මීට පෙර වසරවලදී ඇසල පෙරහැර මංගල්‍යයට දෙස් විදෙස් සංචාරකයින් ලක්‍ෂ ගණනක් සහභාගි වු අතර මෙවර පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර ඇසල පෙරහැර මංගල්‍යය සිදු කෙරෙන්නේ කිසිදු ජන සහභාගිත්වයකින් තොරවය.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages