පාර්ලිමේන්තුවේ එක් කණ්ඩායමකට අධික බලය හිමි වීම භයානකයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-27

පාර්ලිමේන්තුවේ එක් කණ්ඩායමකට අධික බලය හිමි වීම භයානකයි

ජවිපෙ අපේක්ෂක  බිමල් රත්නායක

පාර්ලිමේන්තුව තුළ එක් කණ්ඩායමකට තුනෙන් දෙකක බලයක් හෝ ඊට වඩා වැඩි බලයක් ස්ථාපිත වීම ඉතාම භයානක මෙන්ම අර්බුද රැසක් නිර්මාණය වීමට හේතුවන බව ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක බිමල් රත්නායක මහතා වවුනියාවේදී පැවසීය.

ඔහු මේ බව පැවසුවේ වවුනියාවේ ජන හමු අවසානයේ ඉකුත් දා අම්බලන්ගොඩැල්ල ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවේදීය. තව දුරටත් එහිදී අදහස් දැක් වූ බිමල් රත්නායක මහතා මෙසේ ද පැවසීය. පාර්ලිමේන්තුව තුළ අධික බලයක් ස්ථාපිත වීම නිසා එම තත්ත්වය රටේ මෙන්ම දේශපාලන පක්ෂ වල පැවැත්මටද විශාල හානියක්. එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුව තුළ හයෙන් පහක බලයක් ලබා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් වසර දාසයක්ම මේ රටේ පාලන බලය ගෙන ගියත් වර්තමානයේදී එම පක්ෂය කැබලි වලට කැඩීමට ඉවහල් වූයේ අධික බලයක් ඇති කාලයේදී සිදු කළ වැරදි ක්‍රියා නිසයි. මේ වන විට තුනෙන් දෙකක පාලන බලයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් ඇති බවට පොදුජන පෙරමුණ රට පුරා ප්‍රචාරයක් යවන නමුත්, එවැනි අවශ්‍යතාවක් ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට නොවේ. ඒ අවශ්‍යතාව තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මහතාට හා මහින්ද රාජපක්ෂ මහතාටයි. ඔවුන් දෙදෙනා එතරම් විශාල පාලන බලයක් ඉල්ලා සිටින්නේ රටේ යහපත හෝ ජනතාවගේ යහපත උදෙසා නොවේ. රාජපක්ෂ පවුලේ බලය වැඩි කරගැනීමටයි බලය ඉල්ලන්නේ. පසුගිය මහ මැතිවරණ සමය වන විට රාජපක්ෂ පවුලෙන් දේශපාලනයට හය දෙනෙකු පමණක් ඉදිරිපත් වුවත් මෙවර එම සංඛ්‍යාව ඊට වඩා වැඩියි. රාජපක්ෂ පවුලේ බලය නිසා උද්ගතව ඇති තත්ත්වය ඉතාම භයානකයි. එහි බැරෑරුම්කම වටහා ගැනීමට හොඳම උදාහරණය කුරුණෑගල ඉපැරණි පුරා විද්‍යා නටබුන් විනාශය.

ගෝඨාභය රාජපක්ෂ මහතා එළවළු ගොවීන් ආරක්ෂා කරන බවට සහතික වෙද්දී බැසිල් රාජපක්ෂ මහතා වට්ටක්කා වගා කරන ගොවීන්ව හෑල්ලුවට ලක් කරනවා. දෙමළ දේශපාලඥයන් පමණක් සිටින යාපනය කිළිනොච්චිය වැනි පළාත්වල දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට දෙමළ දේශපාලනඥයන් අපොහොසත් වෙලා. කොළඹින් බිහි වූ මුස්ලිම් දේශපාලනඥයන් ජාතිවාදය ගැන කතා කළද වැඩිම දුප්පත් මිනිසුන් සංඛ්‍යාවක් සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයේයි. මේ අනුව බලන විට ඔවුන් ඡන්ද ලබා ගැනීමට ජාතිවාදය වපුරන නමුත් බලයට පත් වූ පසු තමන්ගේ ජාතිය ගැන හෝ අන් ජාතියක් ගැන හෝ සොයා බලන්නේ නෑ. වන්නියේ දේශපාලනය ගැන සලකා බලන විට වැඩි වශයෙන්ම මුදල් වියදම් කළ හැකි තැනැත්තා ජයග්‍රහණය කොට පාර්ලිමේන්තුවට යන දේශපාලන ක්‍රමයක් පවතින්නේ.

 

රසුල දිල්හාර ගමගේ -

උතුරු පළාත් විශේෂ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages