උතුරේ අඩු ආදායම්ලාභී පවුලක් සදහා යුද හමුදාවෙන් නව නිවසක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-20

උතුරේ අඩු ආදායම්ලාභී පවුලක් සදහා යුද හමුදාවෙන් නව නිවසක්

යාපනය  ප්‍රදේශයේ  අඩු  ආදායම්ලාභි  පවුල්  සඳහා  නිවාස  ලබාදීමේ  තවත්  එක්  අදියරක්  ලෙස ධානපති  කුමාර  වීරසූරිය  මහතාගේ  සහ  එම  මහතාගේ  හිතමිතුරන්ගේ  මූල්‍යමය  පරිත්‍යාගයෙන්  උඩුවිල් (දකුණ), චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි කේ. සාහිදා මහත්මිය වෙත ඉදිකරන ලද නව නිවස හා භාණ්ඩ ඇය  වෙත  පරිත්‍යාග කිරීම ඊයේ(19) සිදු විය. 
 
ආරක‍්ෂක  සේනා  ආඥාපති  මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදුකෙරුණි.
 
51 වන සේනාංකයේ සම්බන්ධීකරණයෙන් යුතුව, 511 වන බළසේනාවේ අධීක‍්ෂණය යටතේ 9 වන ශ්‍රී ලංකා පාබළ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරීම් කටයුතු නිම කරන ලදි.  
 
වර්ථමාන  සෞඛ්‍ය  මාර්ගෝපදේශයන්ට  අනුකූලව  පවත්වන  ලද  මෙම  විවෘත  කිරීමේ  උත්සව  අවස්ථාව  සඳහා  51  සේනාංකය  යටතේ  ඇති  බළසේනාවල  බළසේනාධිපතිවරුන්,  යුද්ධ  හමුදා  ජ්‍යෙෂ්ඨ නිලධාරින්,  මෙම  නිවස  ඉදිකිරිම්  කටයුතු  සඳහා  මූල්‍යම  දායකත්වය  ලබාදුන්  ධානපති  කුමාර  වීරසූරිය මහතාගේ සහ එම මහතාගේ හිතමිතුරන්, යුධ හමුදා සාමාජිකයින් ඇතුළු අවම පිරිසක් සහභාගී වූහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages