ලොව වටා කොරෝනා: රුසියාව ලොව සිවුවැනි තැනට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-21

ලොව වටා කොරෝනා: රුසියාව ලොව සිවුවැනි තැනට

ආසාදිතයෝ 771,546ක්

මරණ 12,342ක්

සුවය ලැබූවෝ 550,344ක්

කොරෝනා වසංගතය අතින් සිවුවැනි ස්ථානයේ සිටින්නේ ලෝකයේ විකල්ප බලවතකු වන රුසියාවයි. එරට කොරෝනා ආසාදිතයින් 771,546ක් සිටින අතර මරණ 12,342ක් සිදු වී ඇති අතර සුවය ලැබීම් 550,344ක් වාර්තා වී තිබේ. එරට වැඩිම කොරෝනා ආසාදිතයන් එනම් 231,270ක් වාර්තා වූයේ මොස්කව් අගනුවරින්ය. තාක්ෂණික අතින් ඉහළම මට්ටමක සිටින රුසියාව කොරෝනා රෝගයට එන්නතක් සකස් කිරීමේ තුන්වන අදියරේ පරීක්ෂණ සිදු කරමින් සිටියි. මේ සඳහා මැද පෙරදිග කලාපයේ සහ තම රටේ පර්යේෂණ සිදු කරන බව එරට ස්වෛරීත්ව අරමුදලේ ප්‍රධානී, රොයිටර් පුවත් සේවයට පවසා ඇත. පසුගිය ඉරිදා දිනයේ වාර්තා වූ අලුත් ආසාදිතයෝ 6,109ත් සමඟ එරට සිටින කොරෝනා රෝගීන් 771,546ක් දක්වා වැඩි වූ බව ද රුසියාව තහවුරු කර ඇත.

කොරෝනා වසංගතය පැතිරුණු මුල් කාලයේ රුසියාවේ රෝගීන් හමුවූයේ අල්ප වශයෙනි. එරට කොරෝනා රෝගය කෙමෙන් වර්ධනය වීමට පටන් ගත්තේ මාර්තු මස අග භාගයේය. ක්‍රමයෙන් වර්ධනය වූ එම රෝගය උපරිම තත්ත්වයට පත් වූයේ මැයි මස මුල් භාගයේය. ඒ කාලයේ දිනකට දස දහසේ සීමාව ඉක්මවා ආසාදිතයන් ප්‍රමාණයක් එරටින් වාර්තා විය. මැයි මැද භාගය වන විට එහි සුළු බැස්මක් පෙන්නුම් කෙරිණි. එදා සිට ජූලි දක්වා කාලය ඇතුළත ක්‍රමික බැස්මක් පෙන්නුම් කරන රුසියාවේ කොරෝනා ආසාදිතයන් ගණන තවමත් දිනකට හයදහසකට වැඩි මට්ටමක පවතී.

කොරෝනා වසංගතය ගැන මොස්කව් පුරපති සර්ජි සොබ්‍යානින් මෙසේ කීය. මිලියන 12ක ජනතාවක් වාසය කරන මොස්කව් වැසියන්ට කොරෝනා ආසාදනය වී සැඟවී ජීවත්වීමට නොහැකියි. මන්ද කිලෝ මීටර් 15ක පරිධියක් ඇති කුඩා නගරයේ සියලු දෙනාම සෑම දෙනාවම දන්නවා. ඔවුන්ට තම මිතුරාගේ වෛද්‍යවරයාට ඇමැතිය හැකියි, ගිලන් රථ මධ්‍යස්ථානයට ඇමැතිය හැකියි, සායනයට ඇමැතිය හැකියි. රෝගී වී සිටින්නේ කවුද නැත්තේ කවුදැයි ඔවුන්ට මිතුරාගෙන් විමසිය හැකියි.

විචිත්‍ර උත්සව පැවැත්වීමට ප්‍රසිද්ධියක් උසුලන රුසියාව තම රටේ වැදගත්ම උත්සව අවස්ථාවක් වන වාර්ෂික අමරණීය විරුවන් සැමරීමේ කටයුත්ත වෙනුවෙන් පැවැත්වෙන වාර්ෂික වීරයන් සැමැරීමේ උත්සවය මේ වර්ෂයේ දී පැවැත්වූයේ නැත. දෙවැනි ලෝක යුද්ධයේ දී තම රට වෙනුවෙන් දිවි පිදූ සෝවියට්වරුන්ගේ මිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් සිහිපත් කරමින් ඡායාරූප අතින් ගෙන දහස් ගණන් රුසියන් ජාතිකයෝ මේ උත්සව අවස්ථාවට සහභාගි වෙති. මෙවැනි පියවර ගත්තද කොරෝනා වසංගතයට මුහුණ දීමේ දී රුසියාවේ වර්තමානයේ පවතින තත්ත්වය ඇති වූයේ රටේ දැවැන්තභාවය සහ වසංගතයේ පරිමාණයට සරිලන සම්පත් ප්‍රමාණවත් නොවීම නිසාය. කෙසේ වෙතත් රුසියාව මේ වන විට පවතින්නේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වන අදියරයේය.

බුද්ධි කරුණාරත්න

No comments:

Post a Comment

Post Bottom Ad

Pages