හිටපු රාජ්‍ය ඇමැති අශෝක වඩිගමංගාව රිය අනතුරකින් මියයයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-06

හිටපු රාජ්‍ය ඇමැති අශෝක වඩිගමංගාව රිය අනතුරකින් මියයයි

වාරියපොළ-පාදෙණිය ප්‍රදේශයේදී සිදුවී ඇති රිය අනතුරකින් හිටපු රාජ්‍ය ඇමැතිවරයකු වන අශෝක වඩිගමංගාව (68) මහතා ඊයේ 05 දහවල් මිය ගොස් ඇත.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට සමඟි ජන බලවේගය පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට තරග කිරීමට සිටි ඒ මහතා 1980 වර්ෂයේ ආණමඩුව අතුරු මැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පිවිසි අයෙකි. පාර්ලිමේන්තුවේ ඉඩම් රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කර ඇති ඒ මහතා 1996 වර්ෂයේ පැවැති වයඹ පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වී ජයග්‍රහනය කරන්නේය. එම පළාත් සභාවේ විපක්ෂ නායක ධූරය හෙඹවූ ඒ මහතා පසුව වයඹ පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැති ධූරය ද හොඹවා ඇත. දේහය මේ වන විට වාරියපොළ රෝහලේ තැම්පත් කර ඇත.

ප්‍රසාද් පුර්ණමාල්  පුත්තලම දිසා සමූහ

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages