විදුලිය නැති පවුල් වලට සුර්ය විදුලි බළ විදුලි පද්ධති - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-27

විදුලිය නැති පවුල් වලට සුර්ය විදුලි බළ විදුලි පද්ධති

ශ්‍රී ලංකාවේ විදුලි බලය නොමැති පවුල්‌ තවමත්‌ සිටින්නේ 12,500ක්‌ පමණක්‌ බවත්‌ විදුලි සම්ප්‍රේශණ පද්ධතිය සියයට සියයකින්ම අවසන්‌ කර ඇතත්‌ ඇතැම් නිවාසවලට විදුලිය ලබා දීමට තරම්‌ එම නිවාස සුදුසු තත්ත්වයක නොමැති බවත්‌ අමාත්‍ය මහින්ද අමරචීර මහනා පවසයි.
 
එම පවුල්‌ සඳහා සුර්ය විදුලි බළ විදුලි පද්ධතිය බැගින්‌ නොමිලයේ ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස්‌ දී ඇති බවත්‌ ඉන්දියානු ණය ව්‍යාපෘතිය යටතේ දැනටමත්‌ අවශ්‍ය පියවර ගෙන ඇති බවත්‌ එම වැඩපිළිවෙළ මහමැතිවරණයෙන්‌ පසු ආරම්භ කිරිමට තීරණය කර ඇති බවත්‌ අමාත්‍යවරයා සඳහන්‌ කළේය.
 
අමාත්‍යවරයා මෙම අදහස්‌ පළ කළේ හම්බන්නොට දිස්තික්කයේ කහඳමෝදර නව ගම්මානයට විදුලිය සැපයීමෙන්‌ අනතුරුව අදහස්‌ පළ කරමිනි. ධිවර කර්මාන්තයෙන්‌ හා කෘෂිකර්මාන්තයෙන්‌ජීවත්‌ වන වැඩි පිරිසක්‌ ජීවත්වන කහඳමෝදර නව ගමිමානයට මෙනෙක්‌ විදුලිබලය ලබා දී නොතිබුණි.
 
විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ගම්මානයේ විදුලිය විවෘත කිරීමෙන් අනතුරුව මෙසේ අදහස් පළ කළේය.
 
අපේ රටේ සමෘද්ධි ප්‍රතිලාභී පවුල් ලක්ෂ 18ක් පමණ සිටිනවා. මේ සියලු දෙනාම අඩු ආදායම්ලාභී පවුල් . මේ අයගෙන් බොහෝ දෙනෙක් විදුලිබලය ලබා ගෙන තිබුනත් ඒ අයට මාසිකව විදුලි බිල්පත් ගෙවන්න තරම් ආදායමක් නෑ. මේ නිසා අපි රජය විදියට තීරණයක් ගෙන තිබෙනවා මේ සියලු දෙනාටම සූර්ය විදුලිබල කට්ටල ලබා දෙන්න. ඒවා සියල්ලම අපි ලබා දෙන්නේ නොමිලේ. ඊට පස්සේ ඒ පවුල්වලට විදුලිය බිල් ගෙවන්න මුදල් වැය කරන්න වෙන්නේ නැහැ. ඒ වගේම මෙම සූර්ය බල පද්ධතිවලින් නිපදවන අමතර විදුලිබලය ලංකාවිදුලිබල මණ්ඩලය විසින් මිල දි ගැනීමේ වැඩ පිලිවෙලකුත් අපි ආරම්භ කරනවා.
 
මෙම ගමේ බොහෝ දෙනෙක් විදුලි බලය නොමැතිව කටයුතු කළ පිරිසක්. දරුවන්ට අධ්‍යාපනික කටයුතු සඳහා විදුලිබලය නොමැතිවීම විශාල ගැටළුවක්ව තිබුනා. නමුත් දැන් අද ඉඳන් ඒ අයට විදුලිය ලබා දී තිබෙනවා.ලංකා විදුලි බල මණ්ඩලය දැනට පාඩු පිට පවත්වාගෙන යන ආයතනයක්.හේතුව තමයි පසුගිය වසර පහක කාලය තුළ අඩුම තරමින් විදුලිය ඒකකයකින්වත් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමේ වැඩ පිලිවෙළක් ආරම්භ නොකිරීම. ඒ නිසා ජාතික අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් පුද්ගලික අංශයෙන් හදිසි මිල දී ගැනිම් යටතේ මිල දී ගන්න ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වුණා. නමුත් ජනාධිපතිතුමා මට උපදෙස් දී තිබෙනවා දැනට හඳුනාගෙන ඇති විදුලි ව්‍යාපෘති වහාම ආරම්භ කරන ලෙසට. මම දන්නවා දැනට අප ගෙන යන වැඩපිලිවෙල අනුව 2023 වනවිට රටේ විදුලි අවශ්‍යතාවයෙන් සියයට සියයක්ම ලංකා විදුලි බල මණ්ඩලය යටතේ නිපදවීමට හැකියාව ලැබෙනවා.
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages