නාවික හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-20

නාවික හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා

Author(s): 
මහින්ද අලුත්ගෙදර

නාවික හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක (මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි) ලෙස කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පත් කර තිබේ. මේ දක්වා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් කටයුතු කළ ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා නව පත්වීම් ලැබ මාරු වී යෑම හේතුවෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් නව පත් කිරීම සිදු කර තිබෙන බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.

කපිතාන් ඉන්දික ද සිල්වා මහතා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අතර 1996 වසරේ දී 25 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් විධායක අංශයේ නිලධාරියකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇත. 1998 වසරේ දී අධිකාරියට පත්ව තිබෙන ඒ මහතා එතැන් සිට වසර 24ක කාලයක් නාවික හමුදා සක්‍රිය සේවයේ යෙදී සිටී.

ඒ මහතා අමෙරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ්හි පිහිටි නාවික සංග්‍රාමික විද්‍යාලයෙන් නාවික අණ හා මාණ්ඩලික පාඨමාලාව සාර්ථක ලෙස නිමකොට තිබෙන අතර ජල තරණය සම්බන්ධයෙන් විශේෂඥයකු වන ඔහු ඒ පිළිබඳ වන දීර්ඝ පාඨමාලාව ඉන්දියාවේදී සහ ජලතරණය පිළිබඳ උසස් පාඨමාලාව චීනයේදී හදාරා ඇත.

කපිතාන් ඉන්දික ද සිල්වා මහතා මාධ්‍ය සම්බන්ධීකණ තනතුරට පත්වීමට පෙර ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙහෙයුම් ලෙස කටයුතු කර තිබෙන අතර ඊට පෙර විවිධ ආයතන සහ නෞකා රැසක අණදෙන නිලධාරි හා විධායක නිලධාරී වශයෙන් කටයුතු කර තිබේ.

ඔහු මානුෂීය මෙහෙයුම් පැවැති සමයේ දී වේග ප්‍රහාරක මුරයාත්‍රා හා වේග ප්‍රහාරක අවි යාත්‍රා හා ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවන්ට අනුයුක්තව සිදුකළ මෙහෙය වෙනුවෙන් දෙවරක්ම රණවික්‍රම පදක්කමෙන් පිදුම් ලබා ඇත.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages