මහනුවර දිසාවේ ජනතාවගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-13

මහනුවර දිසාවේ ජනතාවගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග කරන මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා නාවලපිටිය, ගම්පොළ, යටිනුවර, උඩුනුවර, සෙංකඩගල, මහනුවර හා හේවාහැට ආසනවල සංවිධාන කර තිබූ ජනහමුවලට පෙරේදා (11) සහභාගි වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි විය.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින මහින්දානන්ද අලුත්ගමගේ, අනුරාධ ජයරත්න, දිළුම් අමුණුගම, ආනන්ද අලුත්ගමගේ, සරත් ඒකනායක, එම්. ෆාරිස්, වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ ජනහමුවලට සහභාගි වී සිටියහ.

නාවලපිටියට පැමිණි ජනපතිවරයාව ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායක මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ දී පිළිගනු ලැබීමෙන් පසු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනය කොට ඒ මහතාට ආශිර්වාද කළහ.

ජනපති වැඩපිළිවෙළ කෙරෙහි පැහැදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීම පිණිස පසුගිය දා අත්වැල් බැඳගත් නාවලපිටිය ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ හා පස්භාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරු දස දෙනා ජනපතිවරයා හමුවී සුහද කතාබහක නිරත වූහ.

අනතුරුව නාවලපිටිය බස්නැවතුම්පොළේ සංවිධාන කර තිබූ ජනහමුවට ජනපතිවරයා සහභාගි වූයේ ජනතාවගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේය.

තේ දලු සඳහා සාධාරණ මිලක් ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නැයි කර්මාන්තකරුවෝ මෙහිදී ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කළහ.

දේශීය ගොවියා රැක ගැනීමට රජය පියවර රැසක් ගෙන තිබෙන බවත් ඒ අතර තේ කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාව දී තිබෙන බවත් පැවසූ ජනපතිවරයා කර්මාන්තකරුවන්ගේ ඉල්ලීම සලකා බලන බව ද ප්‍රකාශ කළේය.

නාවලපිටිය ප්‍රදේශවාසීන් මුහුණපා සිටින ඉඩම් ගැටලු පිළිබඳ ද ජනපතිවරයා දැනුවත් කිරීමට ජනතාව පියවර ගත් අතර, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කර ඊට විසඳුම් ලබාදෙන ලෙස ජනපතිවරයා මහින්දානන්ද අලුත්ගමගේ මහතාට උපදෙස් ලබා දුන්නේය. වතු ආශ්‍රිත දරුවන්ට නාවලපිටියේ උසස් අධ්‍යාපන ආයතනයක් සහ කාර්මික විද්‍යාලයක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම කෙරෙහිද ජනපතිවරයාගේ අවධානය යොමු විය.

ඉන් අනතුරුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු නියෝජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතා ගම්පොළ නගරයේ දුම්රිය ස්ථානය අසල සංවිධාන කර තිබූ ජනහමුවට සහභාගි වූවේය. එහිදී ද මහා සංඝරත්නය හා සර්ව ආගමික පූජකවරු ජනපතිවරයාට ආශිර්වාද කළහ. ඒ. ෆාරිස් මහතා උඩුනුවර, දවුලගල, අලපලාවල ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජනහමුවට ජනපතිවරයා එක් වූ අවස්ථාවේ සිසුවියන් පිරිසක් විසින් මෙවර අපොස උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස පවත්වන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබීය. එම ඉල්ලීම අධ්‍යාපන ඇමැතිවරයාට යොමු කරන බව ජනපතිවරයා ප්‍රකාශ කළේය.

අනතුරුව යටිනුවර ආසනයේ ජනහමුවලට සහභාගි වූ ජනපතිවරයා මහනුවරට පැමිණි අවස්ථාවේ පැරණි බෝගම්බර බන්ධනාගාරය අසල දී පිළිගනු ලැබුවේ හිටපු රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම මහතා විසිනි. ඒ මහතා සමඟ අම්පිටිය හා තලතුඔය ජනහමුවලට ජනපතිවරයා සහභාගි විය.

අසේල කුරුළුවංශ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages