ලංකාවේ කොච්චි ස්මාර්ට් වෙයි – දුම්රිය ස්ථානවලට ස්මාට් කාඩ්පත් පද්ධතියක්! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-27

ලංකාවේ කොච්චි ස්මාර්ට් වෙයි – දුම්රිය ස්ථානවලට ස්මාට් කාඩ්පත් පද්ධතියක්!

ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානවල ‘ස්මාර්ට් කාඩ් පද්ධතියක්’ ස්ථාපනය කිරීම සඳහා රජය චීනය සමග ගිවිසුමකට එළඹ ඇත. මෙම කොන්ත්‍රාත්තුව චීන සමාගමකට ලබාදීමට පසුගියදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ දුම්රිය මගීන් සඳහා ඉක්මනින් ස්මාර්ට් කාඩ්පතක් හා දුම්රියවල ආසන වෙන්කරවා ගැනීම සඳහා ඊ-ටිකට්පත් ක්‍රමයක් නුදුරු අනාගතයේදී හඳුන්වා දෙන බව ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පසුගිය පෙබරවාරි මාසයේදී නිවේදනය කළේය. දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ යාන්ත්‍රණය පියවර පහක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ව්‍යාපෘතිය යටතේ හඳුනාගෙන ඇති ප්‍රධාන නගරවල දුම්රිය ස්ථාන ආශ්‍රිතව විද්‍යුත් ප්‍රවේශ පත්‍ර යන්ත්‍ර ස්ථාපනය කිරීමට නියමිතය.

මෙම ක්‍රමවේදය යටතේ අදාළ දුම්රිය ස්ථාන හරහා ගමන් කරන මගීන්ට දුම්රිය ස්ථානයෙන් රීලෝඩ් කාඩ්පත්, මාසික භාවිත පැකේජ සහිත කාඩ්පත් සහ ‘QR​ කේත’ හරහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව ලබාදීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සඳහා වන කොන්ත්‍රාත්තුව ජාතික ටෙන්ඩර් ක්‍රියාවලිය හරහා ලංසු තැබීමෙන් අනතුරුව අදාළ චීන සමාගමට ලබාදී ඇති අතර 2023 වර්ෂය අවසන් වන විට සියලුම ප්‍රවේශ පත්‍ර යන්ත්‍ර සවිකිරීමේ වගකීම සමාගමට පවරා ඇත.

ව්‍යාපෘතිය මගින් දුම්රිය ස්ථානවල දිනපතා වර්තාවන තදබදය අවම කර ගැනීමට අපේක්ෂා කෙරෙයි.

මේ අතර මෙම කොන්ත්‍රාත්තුව චීන සමාගමකට ලබාදීමට ගත් පියවර පිළිබඳව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සංජීව වීරවර්ණ ප්‍රශ්න කරයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ තමන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මණ්ඩලයේ සිටියදී මෙම ව්‍යාපෘතිය පිළිබඳ වාර්තාවක් ලිවීමට සහයෝගය ලබා දුන් බවත් එමගින් දේශීය වශයෙන් දුම්රිය ප්‍රවේශ පත්‍ර සඳහා වඩා නවීන විසඳුමක් යෝජනා කළ බවත්ය.

ස්මාර්ට් කාඩ්පත් පද්ධතිය යල් පැන ගිය ක්‍රමවේදයක් බව පවසන හිටපු අධ්‍යක්ෂවරයා මේ වනවිටත් ස්මාර්ට් දුරකථන භාවිත කරන පිරිස ඉහළ අගයක් ගන්නා බැවින් ඒ ඔස්සේ පහසුවෙන් වියදම් අඩු ක්‍රමවේදයක් සැකසිය හැකි බව සඳහන් කළේය.

නයන තරංග ගමගේ

•ශිරන්තනී මානවඩු



from රට තොට – Colombo Tribune https://ift.tt/2CQgZ5m
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages