මහේල ජයවර්ධන පැමිණීමට හේතුව කියයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-03

මහේල ජයවර්ධන පැමිණීමට හේතුව කියයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණ යළි පිටව ගොස් තිබේ.
 
මහේල ජයවර්ධන කැඳවන බව ඊයේ (02) ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සදහන් කර තිබුණද වෙනත් කටයුත්තක් යෙදී තිබීම හේතුවෙන් ඉදිරි දිනක ඔහු කැඳවන බව විමර්ශන ඒකකය පසුව ප්‍රකාශ කර තිබුනි.
 
එහෙත් මහේල ජයවර්ධන පවසන්නේ, අද දිනයේ නොපැමිණෙන ලෙස ඊයේ රාත්‍රියේ තමා දැනුවත් කර තිබූණද ඇතැම් මාධ්‍ය තමාගේ පෞද්ගලික හේතූන් මත අද නොපැමිණෙන ලෙස විශේෂ විමර්ශන ඒකකයට දැන්වූ බවට පුවත් පළ කිරීම නිසා විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණි බවයි.
 
ක්‍රීඩාවට ආදරය කරන පුද්ගලයෙක් ලෙස අදාල පරීක්ෂණ සදහා තමා වගකීමෙන් යුතුව කටයුතු කරන බවත් මහේල ජයවර්ධන මාධ්‍ය වෙත පැවසීය.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages