හිටපු ඇමති පාඨලීට සිතාසි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-22

හිටපු ඇමති පාඨලීට සිතාසි

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු බරපතල රිය අනතුරකට ලක් කිරීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ඔක්තෝම්බර් මස 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය සිතාසි නිකුත් කර තිබේ.
 
නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් මෙම සිතාසි නිකුත් කළේය.
 
2016 වසරේ පෙබරවාරි මස 28 වනදා වැලිකඩ පොලිස් වසම තුළ  ඩබ්ලිව්.පී.කේ.පී.4575 දරණ ජීප් රථයේ රියදුරු වශයෙන් කටයුතු කරමින් අපරික්ෂාකාරි ආකාරයෙන්  පදවා බරපතල රිය අනතුරක් සිදු කිරීම, එම රිය අනතුර පිළිබඳව පොලිසියට වාර්තා නොකර පලායාම, බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව මෙම අධිචෝදනා පත්‍රයක් ගොනු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages