අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සුරාබදු කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-23

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සුරාබදු කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

 
රුපියල් ලක්ෂ 6කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සුරාබදු කොස්තාපල්වරයකු අද(23) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඒ ගුවන් හමුදා බුද්ධි අංශ හා පුත්තලම කොට්ඨාස දුෂණ මර්දන අංශය එක්ව කළ වැටලිමකදිය.
 
මෙසේ අත්අඩංගුවට ගත් සුරාබදු කොස්තාපල්වරයා අනුරාධපුර සුරා බදු කාර්යාලයේ කොස්තාපල්වරයකු බව පරීක්ෂණවලදි අනාවරණය වී ඇත.
 
සුරා බදු කොස්තාපල් සමග අයිස් මත්ද්‍රව්‍ය තොගයේ ග්‍රෑම් 150 ක ප්‍රමාණයක් හමුවී තිබේ.
 
කොස්තාපල්වරයා සමඟ මත්ද්‍රව්‍ය මිලදීගැනීමට පැමිනි කාන්තාවන් 5දෙනෙකු, තරුණයින් දෙදෙනෙකුද හා කුඩා දරුවකුද අත්අඩංගුවට ගත් බව වාර්තා වෙ. අත්අඩංගුවට ගත් පිරිස අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙ.
 
කලක සිට මෙම ජාවාරම සිදුව ඇති බවට මේ වන විට අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට පත් සුරා බදු කොස්තාපල්වරයා ඇතුළු පිරිස අද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages