රාජාංගණය සංචරණ සීමා අද සිට සම්පූර්ණයෙන් ඉවතට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-31

රාජාංගණය සංචරණ සීමා අද සිට සම්පූර්ණයෙන් ඉවතට

රාජාංගණය ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පනවා තිබූ සංචරණ සීමා අද සිට සම්පූර්ණයෙන් ඉවත් කෙරේ.
 
ඒ අනුව යාය 01 ප්‍රදේශයේ කොටසක්, යාය 03 – 04 – 05 සහ 06 අංගමුව යන ප්‍රදේශවල මෙතෙක් පනවා තිබූ සංචරණ සීමා අද සිට ඉවත් කෙරෙනු ඇත.
 
පසුගිය 13 වනදා සිට රාජාංගණය ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සංචරණ සීමා පැණවීමට පියවර ගැණුනි.
 
ඒ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි අනාවරණවීමත් සමගයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages