ජිවිත තුනක් බිලිගත් පේරාදෙණියේ මාරක අනතුර - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-28

ජිවිත තුනක් බිලිගත් පේරාදෙණියේ මාරක අනතුර

 
පොලිස්‌ වසමේ පේරාදෙණිය ගම්පොල මාර්ගයේ ගෙලිඔය, කරමඩ ප්‍රදේශයේදී ඊයේ (27) සවස 6.50 සිදු වූ අනතුරින් අඹු සැමි යුවලක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
 
 පේරාදෙණිය ගම්පොල මාර්ගයේ ගෙලිඔය, කරමඩ ප්‍රදේශයේදී ගෙලිඔය දෙසට ධාවනය වූ යතුරු පැදියක්‌ මාර්ගය හරහා ගමන්කළ පදිකයකුගේ ගැටී අනතුරක්‌ සිදුව ඇත. 
 
ඒ සමහම එම දිශාවටම ධාවනයවූ ත්‍රි රෝද රථයක්‌ මාර්ගයේ වැටී සිටි පදිකයාගේ ඇග මතින්‌ ගමන්කර ඉදිරියෙන්‌ පැමිණ නවතාගෙන සිටි කාර්‌ රථයක ද ගැටී මාර්ගයේ පෙරළී තවත්‌ අනතුරක්‌ සිදුව ඇත.
 
පසුව සිදුවූ අනතුරින්‌ බරපතල තුවාල ලැබූ ත්‍රි රෝද රථ රියදුරු පිටුපස ගමන්කළ කාන්තාවන්‌ දෙනෙකු ගම්පොල රෝහලටත්‌, පදිකයා සහ ත්‍රි රෝද රථයේ පිටුපස ගමන්කළ පුද්ගලයකු මහනුවර රෝහලටත්‌, යතුරු පැදිකරු පේරාදෙණිය රෝහලටත්‌ ඇතුලත්‌ කර ඇත.
 
 ත්‍රි රෝද රථයේ පිටුපස ගමන්කළ ගම්පොල රෝහලට ඇතුලත්‌ කළ කාන්තාවක්‌ සහ මහනුවර රෝහලට ඇතුලත්‌ කළ ත්‍රි රෝද රථයේ පිටුපස ගමන්කළ පිරිමි පුද්ගලයා සහ පදිකයා ප්‍රථිකාර ලබමින්‌ සිටියදී මියගොස්‌ ඇත.
 
මරණකරු සහ මරණකාරිය අවුරුදු 54, 53 වයස්වල පසුවන රැකවල්පොල ගම, වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචි අඹු සැමි යුවළක්‌ වේ. 
 
මිය ගිය පදික පුද්ගලයා වයස අවුරුදු 54ක්වූ ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 
 
පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages