කන්ද උඩරට ඇසළ පෙරහර වෙනුවෙන් ඇත් ඇඳුම් පරිත්‍යාග කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-22

කන්ද උඩරට ඇසළ පෙරහර වෙනුවෙන් ඇත් ඇඳුම් පරිත්‍යාග කරයි

ජූලි 25වන දා ඇරඹෙන ලොව ඓතිහාසිකම සංස්කෘතික පූජෝපහාරය වන කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන් සහභාගී වන මංගල හස්ථිරාජයින් ඇතුළු දෑලේ ඇතුන් සැරසවීම සඳහා වූ අලංකාරවත් හස්ථි වස්ත්‍ර පරිත්‍යාග කිරීමක් අද(22) ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්විය.
 
පළමු කුඹල් පෙරහර වෙනුවෙන්, වැලිවේරියේ වාසනා පෙරේරා මහත්මිය දෙවෙනි වතාවට ඇත් ඇඳුම් පරිත්‍යාග කළ අතර, පස්වෙනි කුඹල් පෙරහර වෙනුවෙන් මහනුවර නිසංසලා පෙරේරා මහත්මිය, පළමු රන්දෝලි පෙරහර වෙනුවෙන් දෙවෙනි වතාවටත් කැළණියේ දිස්නා වනිගසේකර මහත්මිය, දෙවෙනි රන්දෝලි පෙරහර වෙනුවෙන් පූජ්‍ය යටියන්තොට චන්දකිත්ති ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් ද, තුන්වෙනි රන්දෝලි පෙරහර වෙනුවෙන් මහනුවර ආර්.එන්. රාජපක්ෂ මහතා, සිව්වෙනි රන්දෝලි පෙරහර වෙනුවෙන් පානදුරේ සාගරිකා තිරිමාන්න මහත්මියත්, අවසන් මහා රන්දෝලි පෙරහර වෙනුවෙන් 26 වෙනි වතාවටත් කැන්ඩි සිටි සෙන්ටර් (KCC) අධිපති තුසිත විජේසේන මැතිතුමන් යන අය විසින් කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන් සහභාගී වන මංගල හස්ථිරාජයින් ඇතුළු දෑලේ ඇතුන් සැරසවීම සඳහා වූ අලංකාරවත් හස්ථි වස්ත්‍ර පරිත්‍යාග කරන ලදි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages