කිළිනොච්චි මණ්ඩපය වැසෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-14

කිළිනොච්චි මණ්ඩපය වැසෙයි

යාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපය ඊයේ (13) වනදා සවස සිට දින නියමයක් නොමැතිව වසා දමා ඇත.
 
මේ මණ්ඩපයේ සිසුන් සදහා පැවැත්වීමට නියමිතව තිබූ සියලුම විභාග ද දින නියමයක් නොමැතිව කල් දමා ඇත.
 
යාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපයේ ඉගෙනුම ලබමින් සිටින සිසුවෙකුගේ සහෝදරයෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරණ අතර ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග මෙම තීරණය ගෙන ඇත.
 
කොරෝනා රෝගය වැළදුණු යුද හමුදා සාමාජිකයාගේ සහෝදරයා ගේ PCR පරීක්ෂණය සිදුකර ඇති අතර එහි ප්‍රථිපල ලැබෙන තෙක් මෙලෙස විශ්ව විද්‍යාල මණ්ඩපය තාවකාලිකව වසා තැබීමට තීරණ කළ බවයි කිළිනොච්චියේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරයි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages